04 ♡ සහකාරිය....

705 120 0
                                    

"අපි කදුකරේ ගම්මානේ අය...අපි තුන්දෙනාම වෛද්‍යවරියන් වෙන්න ඉගෙන ගන්නවා...අන්තිම වසරේ...අපි ඉන්නේ අපේ ඔප්පත් එක්ක..."

යුන්ජී එහෙම කිව්වා...

"ඕහ්...එහෙමද?"

හොබී ඇස් දෙකත් ලොකු කරගන්න ගමන් කිව්වා...

ඒ අතරේ ජින් බලන් හිටියේ මින්ජිගේ කරේ තිබ්බ මාලේ දිහා එයාට ඒ මාලේ විශේෂත්වයක් දැනුනා...

"එතකොට මේ මාලේ මොකද්ද?"

ජින් කුතුහලේ ඉවසගන්න බැරි නිසාම ඇහුවා...

"ඒක ඔප්පා අපි තුන්දෙනාගේ 18 වෙනි උපන්දිනේ දවසේ දුන්නේ...තෑග්ගක් විදිහට.."

මින්ජි කිව්වා...

"ඕහ්...හරි හරි..."

"හ්‍යුන්ග්...අද මෙයාලා නතර වුනදෙන්...යන්න දැන් රෑ වෙලත් වැඩි..."

ජිමින් එහෙම කිව්වා...

"දේ ජිමින්...ම්ම්ම්...මින්ජිට පුලුවන් අද අපේ ගෙදර නවතින්න...නේද මින්සු..."

"දේ ඔප්පා...ඒත් ඔප්පා අපි නැතුව බයවෙලා ඇති..."

"දේ...අපි එයාට පණිවිඩයක් යවන්නම්...එතකොට හරිනේ සේහි...ඔයා අපේ ජුන්ගේ ගෙදර ඉන්නකෝ..."

"ආරස්සෝ ඔප්පා..."

"යුන්ජී අපේ යුන්ගිගේ ගෙදර ඉන්න..."

ජින් එහෙම කිව්වේ යුන්ගි දිහා බලාගෙන...ජින් ගොඩ වෙලාවක ඉදන් දැක්කා යුන්ගී යුන්ජි දිහා බලන් ඉන්නවා...ඒ බැල්ම දැක්ක යුන්ජි ටිකක් නොසන්සුන් වුනා...

"ආරස්සෝ හ්‍යුන්ග්...යුන්ජී එන්න අපි යන්..."

යුන්ගි එහෙම කියන ගමන් යුන්ජීව වත්තම් කරගෙන එලියට ගියා...

"එන්න සේහි එහෙනම් අපිත් යමු..."

නම්ජුන් එහෙම කියන ගමන් සේහිත් වත්තම් කරගෙන එයාගේ ගෙදරට ගියා...

"මින්සු ඔයා මින්ජිත් එක්ක යන්නකෝ...පරිස්සමින්..."

ජින් එහෙම කියන ගමන් මින්සුගේ කම්මුලට හාදුවක් දුන්නා...

ඊට පස්සේ මින්ජිත් එක්ක මින්සු ඔවුන්ගේ නිවසට ගියා...

මින්ජි ගියාට පස්සේ ජිමින් ජින්, හොබි පැත්තට හැරුනා...

Revenge Love ⚡✔️Where stories live. Discover now