17 ♡ සොයාගැනීම....

405 78 0
                                    

Taehyung's View
Author POV

"ටේ...හෙට පුරහද දවස..."

කුක් තමන්ව හම්බවෙන්න ආව ටේට මතක් කලේ එයාගේ වැඩේ හෙට දවසේ වෙන්න ඕනි නිසා...

"හ්ම්ම්ම්...දේ කුක්...ඔයාට නංගිව හම්බවෙන්න ඕනි නැද්ද...??"

කුක්ගෙන් ටේ එහෙම ඇහුවම කුක්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා...අවුරුදු ගානක් නොදැකපු තමන්ගේ නංගිව බලන්න ජන්ග්කුක්ට කියාගන්න බැරි තරම් ආසාවක් ඇති වුනා...

"ඕනි......"

"එහෙනම් යමු..."

"දැන්...."

"දේ...යන් ඉතින්..."

ටේ එහෙම කියන ගමන් ජන්ග්කුක්ගේ උරහිසට තට්ටුවක් දාන ගමන් හිටපු තැනින් නැගිට්ටා...

"හම්ම්ම්...ආරස්සෝ...ඒනම් යමු..."

ජන්ග්කුක් එහෙම කියන ගමන් ටේ පස්සෙන් ගියා...ජන්ග්කුක්ගේ හිත නොසන්සුන්...

ටික වෙලාවකින් ජන්ග්කුක් එක්ක ටේ එයාලගේ නිවසට ආවා...

"ඇතුලට වරෙන්.."

ටේ එහෙම කියද්දී ජන්ග්කුක් එක්ක ඇතුලට ගියා...ජන්ග්කුක් ඔලුවත් කරකව කරකවම වටපිට බලන්න ගත්තා...මොකද ඉතින් එයා ආපු පලවෙනි වතාවනේ...

"යුන්ජි.....මින්ජි.....සේහි....තුන්දෙනාම එන්න පහලට...."

ටේ එහෙම උස් හඩින් කතා කරද්දී කෙල්ලෝ තුන්දෙනාම පහලට ආවා...ජන්ග්කුක්ගේ ඇස් නැවතුනේ එක්කෙනෙක් ගාව...ඒ සේහි....

ජන්ග්කුක් ඇස් දෙකත් ලොකු කරගන්න ගමන් සේහි දිහා බැලුවා...

'එයා ගොඩක් ලොකුයි...ලස්සන වෙලා...'

ජන්ග්කුක්ගේ හිත එහෙම කෑගහන්න ගත්තා...පොඩිම කාලේ දැක්කට පස්සේ තමයි ජන්ග්කුක් තමන්ගේ නංගිව ආපහු දකින්නේ...එයාගේ හිත ලොකු සතුටකින් වගේම ආඩම්බරේකින් පිරිලා තිබ්බා...

"ඔහ්!! ඔප්පා...මේ ඔප්පා කවුද..?"

යුන්ජි ඒ විදිහට අහන ගමන් ජන්ග්කුක් එක්ක හිනාවුනේ අනිත් දෙන්නත් එයත් එක්ක ලස්සනට හිනාවෙද්දී...

ඒත් සේහිටත් ජන්ග්කුක් ගැන අමුතුම හැගීමක් දැනෙන්න ගත්තා...තමන්ගෙම කෙනෙක් වගේ කියන හැගීම...

Revenge Love ⚡✔️Where stories live. Discover now