11 ♡ කරදරයක්....

397 82 0
                                    

Jimin's View
Author POV

"හ්‍යුන්ග් මොකද කරන්නේ...??"

ජිමින් හිමීට යුන්ගි ඉන්න පැත්තට ගියා...යන කොටත් යුන්ගි හිටියේ බර කල්පනාවක...

"ආහ්...ජිමින්...නෑ මුකුත් නෑ..."

යුන්ගි හිනාවෙලා කිව්වම ජිමිනුත් හිනාවෙන ගමන් යුන්ගි ගාවින් ඉදගත්තා..

"මං දන්නවා හ්‍යුන්ග්නුත් ඉන්නේ යුන්ජි නිසා කලබලෙන් නේ..."

ජිමින් එහෙම කියද්දී යුන්ගි කලේ බිම බලාගෙන හිනාවුනු එක...යුන්ගි ලොකු හුස්මක් අරන් පිට කලා...

"හ්ම්ම්ම්...අනේ මංදා මට හිතාගන්න බෑ ඇයි එයා සහකාරිය විදිහට දැනෙන්නේ කියලා..."

යුන්ගි නලලත් රැලි කරගන්න ගමන් එහෙම කිව්වේ ඇත්තටම ඒක එයාට ප්‍රශ්නයක් වෙච්ච නිසා...

"අපිට ඒකට උත්තරය දැනගන්න ජින් හ්‍යුන්ග්ලා එනකන් ඉන්න වෙනවා හ්‍යුන්ග්...එයාලා ගේන තොරතුරකින් තමයි ඉතින් මොකද්ද මේ වෙන්නේ කියලා දැන ගන්න පුලුවන්..."

ජිමින් එහෙම කියද්දී යුන්ගි ඒක අනුමත කරන්න ඔලුව වැනුවා...

"හ්ම්ම්ම්...බලමුකෝ..."

"හ්‍යුන්ග් එනවද...කැලේ ඇවිදින්න යන්න..."

ජිමින් යුන්ගිට කතා කරන ගමන් එතනින් නැගිට්ටා...

"දැන් බෑ ජිමිනා...මං යන්න ඕනි හොබීට උදව් කරන්න...ජින් හ්‍යුන්ග්නුත් නැති එකේ එයාට අමාරු ඇති රෝහලේ වැඩ ටික බලන්න...මං පොඩ්ඩක් එයාව බලලා එන්නම්..."

යුන්ගිත් එහෙම කියන ගමන් එතනින් නැගිට්ටා...

"ආරස්සෝ හ්‍යුන්ග්...එහෙනම් මං තනියම යන්නම්කෝ..."

"පරිස්සමින්..."

යුන්ගි ජිමින් යන දිහා බලන් ඉදලා එහෙම කෑගහලා කිව්වා...

============================

Author POV

ඇල්ෆා ජිමින් හිමින් හිමින් කැලෑව ඇතුලට ගියේ තමන්ගේ මිනිස් ස්වරූපයෙන්...වෘක ස්වරූපයෙන් යනවට වඩා නිදහසක් ඇල්ෆා ජිමින්ට ඒකෙන් දැනුනා...

ඒත් ඒක ටිකක් අවධානම් වැඩක්...!!!

ජිමින් කාලෙකට පස්සේ නිදහසේ හුස්ම ගත්තා...
හිනාවුනා...කණඩායමත් එක්ක බැදුණු වගකීම් නිසා ජිමින්ගේ ඔලුවට කිසිම නිදහසක් නැතුවයි තිබුනේ...

Revenge Love ⚡✔️Where stories live. Discover now