14 ♡ ඇල්ෆා....

411 78 0
                                    

Alpha Jimin's View
Author POV

ජිමින් මින්ජිත් එක්ක ඉක්මනට කැලෑවෙන් එලියට එන්න උත්සහ කලා...මොකද දැනටමත් හවස් වෙන්න කිට්ටුයි...මින්ජිගේ වගේම ජිමින්ගේ හ්‍යුන්ග්ලා නූනලා සේරම බයවෙලා ඇති කියලා ජිමින්ට හිතුණා..

"ඇත්තමයි මින්ජි මට ඔයත් එක්ක පුදුම කේන්ති...මෙච්චර දුරක් එන්න එපා කියලා තියෙද්දී ඇයි ආවේ..."

ජිමින් එහෙම කියන ගමන් මින්ජි දිහා බැලුවා...

"ආනී ඉතින්...මං ආසවට ඇවිදින්න ආවේ..."

මින්ජි හිමින් එහෙම කියද්දී ජිමින් මින්ජි දිහා බලලා ඉස්සරහා බලාගත්තා...

"පුදුම හිතුවක්කාර කමක්...මං හිතුවා මුලින්ම දකිද්දී හිතුවක්කාර ඇති කියල..."

ජිමින් හිමින් මිමිනුවත් මින්ජිට නම් ඒ කියපුවා හොදටම ඇහුණා...

"යැයි යැයි තමයි..."

මින්ජි ජිමින්ට ඇහෙන්නම කියද්දී ජිමින් කලේ අසූහාරදාහට රවපු එක...

දෙන්නම කිසි කතාවක් නොකර ඉස්සරහට ගියා...මින්ජිගේ අත අල්ලගෙන ජිමින් ජිමින්ගේ වේගෙට නිකන් මින්ජිව ඇදගෙන යනවා වගේ...

"යාහ්...ඇල්ෆා...හිමීට යමු අනේව් මගේ කකුල් රිදෙනවා..."

මින්ජි එහෙම කියන ගමන් අතත් ගසා දාලා එහෙම්මම එතනම ඉදගත්තා...

"යාහ්...මින්ජියා...නැගිටින්න අපි යන්න ඕනි...දැන් හුගක් හවස් වෙලා...පල්ලී..."

"අනී...ඒත් මගේ කකුල් රිදෙනවනේ..."

මින්ජි එහෙම කියන ගමන් ජිමින් දිහාවට අහිංසක බැල්මක් දැම්මා...

"ආරස්සෝ...එහෙනම්...එන්නකෝ මගේ කරට..."

"ම්වෝ...??"

මින්ජිගේ ඇස් ලොකු වුනේ ජිමින් කියපු දේට...

"වේ...?? එහෙනම් යමු පයින්ම..."

ජිමින් හිනාවෙවී එහෙම කියද්දී මින්ජි හිටපු තැනින් නැගිට්ටේ බිම බලාගෙන...

"කෝ එන්න..."

ජිමින් එහෙම කියද්දී මින්ජි, ජිමින්ගේ කරෙන් අල්ලගෙන එල්ලෙද්දි ජිමින් කෙල්ලගේ කකුල් වටෙන් අත් දාලා උස්සගත්තා...

Revenge Love ⚡✔️Where stories live. Discover now