15 ♡ බලාපොරොත්තුව....

401 77 2
                                    

After a week
Author POV

ඒ සිද්ධියෙන් සතියක් ගත වුනා...මින්ජි ඒ වෙච්ච සිද්ධි කිසිම දෙයක් කාටවත් කිව්වේ නැත්තේ ඔන්නිලා වගේම ඔප්පත් බයවෙයි කියලා...

ඒත් මින්ජි නම් මේ දවස්වල ඉන්නේ අවුලෙන්...😏

මින්ජි හැමවෙලේම වගේ දැන් හොයන්නේ ජිමින්ව...එයාගේ උනුසුම, ආරක්ෂාව මින්ජිට හැමවෙලේම ඕනි උනා...ජිමින්ව දකින්න ඕනි උනා...

ජිමින්ට කියලත් වෙනසක් නෑ...එයා ඒ සිද්ධියෙන් පස්සේ තවත් නොසන්සුන්...හැමෝම බලන් ඉන්නේ නම්ජුන් ජින් දෙන්නා එනකන්...එයාලා දැන් ගිහින් තවත් සතියක් ගතවුනා...තවමත් එයාලා ආවේ නැහැ...මේ දේ ඉක්මනට විසදගන්න ඕනිකම හැමෝටම තදින දැනිලා තියෙන්නේ...

"අනේව්...මට බෑ අප්පා..."

මින්ජි එහෙම කියන ගමන් එතන තිබ්බ පුටුවකින් ඉදගෙන නිකටට අත තියාගත්තා...

"ආශ්...මටම හිතෙනවා ගිහින් ඇල්ෆාව බලන්න..."

මින්ජි එහෙම හිතන ගමන් නිකටට අතක් තියාගෙන කල්පනා කරන්න ගත්තා...ආහ්!!! මෙයාට මේ ජිමින්ව දකින්න ඕනි වෙලානේ...😏

ඒ ගමන්ම වගේ එතනට ආවේ යුන්ජි...යුන්ජි පුදුමෙන් වගේ බලන් හිටියේ මින්ජි දිහා...මින්ජි එයාගේ ඔන්නි එනවවත් දැක්කේ නෑ...ලොකු කල්පනාවක ගිලිලා..යුන්ජි බධාවක් නොකර මින්ජිට එහෙම්මම ඉන්න දුන්නේ මින්ජිගේ හැසිරීම දිහා බලන් ඉන්න ගමන්...

මින්ජි නම් ඉතින් හිත ඇතුලෙන් ලොකු කලබලේක...

(A/N : ඔය කවුරුහරි මේ දරුවව ඇල්ෆා ගාවට එක්කන් යන්න පීස්...😂😒)

"මින්ජි...මොකෝ උනේ..."

බැරිම තැන යුන්ජි එහෙම ඇහුවේ මින්ජිගේ විටෙන් විට වෙනස් වන මූන දිහා බලන්...

"අනි...මුකුත් නෑ ඔන්නි...සේහි කොහෙද...?"

මින්ජි යුන්ජිගේ බැල්ම මග අරින ගම්න කිව්වත් යුන්ජි නම් ඒ උත්තරෙන් සෑහීමකට පත් වුනේ නෑ...

"සේහි තාම ශාලාවේ...ප්‍රතිකාර වැඩ...ඇයි මට හිතෙන්නේ ඔයා මොකක් හරි අවුලකින් කියලා..."

යුන්ජි මින්ජිගේ මූන දිහා සැලකිල්ලෙන් බලන්න ගත්තේ එයාගේ ප්‍රශ්නේ තේරුම් ගන්න වගේ...

Revenge Love ⚡✔️Where stories live. Discover now