21 ♡ හමුවීම....

400 85 0
                                    

Minji's View
Author POV

අදත් වෙනදා වගේ තුන්දෙනාම වෛද්‍ය විද්‍යාලෙට ගියා...ඔක්කොම වැඩ ඉවර කරලා තුන්දෙනාම ගියේ කැලෑවට...

ඇයි අර වෙනදා කරන වැඩටික ඉවර කරන්න එපෑ හැමදාම හවසට...ඒක...බෙහෙත් පැලෑටි ගැන දැනුම වැඩි කරවන අභ්‍යාසයක් වගේ දෙයක්...ඒ නිසයි ගුරුතුමා හැමදාම ශිෂ්‍යයින් ලවාම ඒ දේවල් කරවන්නේ...

එදත් කොහොමහරි ජිමින් කැලේට ඇවිල්ලා තිබ්බා...ඒ නම් මින්ජිව හම්බවෙන්න...මින්ජි ඉතින් ඒ දන්නෑ...

"මින්ජි...වැඩිය ඈතට යන්න එපා හොදේ...."

"ආශ්...හරි හරි අනේ..."

මින්ජි එහෙම කියන ගමන් ඔන්නිලා දෙන්නටත් විරිත්තලා කැලේ ඇතුලට ගියා...

ඒත් අද නම් වැඩිය ඇතුලට යන්න ගියේ නෑ...එදා සේජූන් නිසා වෙච්ච දෙයින් මින්ජි බයවෙලයි ඉන්නේ...

"ඇත්තටම සේජූන් ඇයි මගේ පස්සෙන් එන්නේ...බැරිවෙලාවත් එයා දැනගෙනද දන්නෑ මං වෘකයෙක් කියලා..."

මින්ජි ඇවිදින ගමන්ම එහෙම හිතුවා...

"ආශ්...වෙන්න බෑනේ...එතකොට මං වෘකයෙක් නෙවෙයිනේ...මනුස්සයෙක්නේ..අනේ මංදා මොකට මං පස්සෙන් එනවද..."

මින්ජි බිමට විරිත්තන ගමන් එහෙම කිව්වා...

මේ අතරේ තමයි ජිමින් එතනට ආවේ...ජිමින් දැක්කා...පොලොවට විරිත්තන ගමන් තනියම කියවන කෙල්ලව...

ඒක දැක්කම ජිමින්ට හිනාවක් ආවේ ඉබේටමයි...

හුරතල්...!!

"මින්ජියා...."

ජිමින් ඈත ඉන්න මින්ජිට කෑගහද්දී මින්ජි හිනාවීගෙන ජිමින් දිහාට ආවා...මින්ජි මේ වෙලාවේ නම් ජිමින් බලාපොරොත්තු උනේම නෑ...එයා පුදුමත් උනා ඇල්ෆාව දැක්කම...

මින්ජිගේ රෝස සුවද ජිමින්ට හුගක් දැනෙනවා වෙනදට වඩා...දැන් ලූනා නිදහස් නේ...

ජිමින්ට දැනෙනවා ඇල්ෆා පාලනෙන් ගිලිහෙනවත් වගේ...

"ජිමින් ඔප්පා ඔයා මොකෝ මෙහෙ...?"

මින්ජි පුදුමෙන් වගේ එහෙම අහන ගමන් කියද්දි ජිමින් හිනාවෙලා උත්තර දුන්නා..

Revenge Love ⚡✔️Where stories live. Discover now