Capter 7

1.2K 249 62
                                    

උදෑසන පළමු හිරු කිරණත් සමගින් ශාන් අවදි විය.අවදී වූ ඔහු ඇදේ ඉදගෙනම කල්පනා කරන්නට වූයේ තමන් සතුටු විය යුතුද නැතිනම් දුක් විය යුතුද යන්නයි...සතුටු වීමට ඇති එකම හේතුව වූයේ අද සිට යීබෝ තමාගේ යටතේ සේවය කිරීමයි... යීබෝට ඔහු තමන්ගේ පැරණි ගුරුවරයා සහ තමන් සේවය කරන කාර්යාලයේ සර් පමණක් වූවාට (ශාන් හිතන විදිය තමයි ඉතින්😅) සිතට දුකක් දැනුනත් අද සිට යීබෝ තමාගේ ඇස් මානයේම රැදීමම ශාන් ට සතුටු වීමට හේතුවක් වුනි.

දුක් වීමට හේතුව වූයේ යැන්ග් සි ගේත් ඔහුගේත් විවාහයයි... යැන්ග් සි ගේ පවුලේ සියලු දෙනාම ඒ ගැන බොහෝ සෙයින් බලාපොරොත්තු තියන් ඉන්න බව ශාන් හොදින්ම දැනුවත් විය... ඒ සම්බන්ධව ශාන් ට තිබුන එකම විසදුම වූයේ චෙන් හා යූබින් ව විශ්වාස කිරීම ම පමණි...
"මොන මගුලක් හරි කරලා චෙනා යූබින් ව යැන්ග් සි ට සෙට් කරොත් ගොඩ"
අවසානේ එලෙම සිතමින් ශාන් වොශ් දමා ඔෆිස් යාමට සූධානම් වී ගියේ මවට හා පියාට යීබෝ ගේ පැමිණීම ගැන පැවසීමටයි...

ශාන් ලෑස්ති වී පහළට යන විට මව හා පියා පහළ කෑම කාමරයට වී තමන් එන තෙක් බලාසිටින බව දුටු ශාන් කෑම මේසයට ගොස් ඔවුන් අසළින්ම අසුන් ගෙන ආහාර ගන්නට විය... ආහාර ගන්නා අතර තුරම ඔහු

"පපා,මමා මට මේ පොඩි දෙයක් කියන්න තියෙනවා"

"ඔව් පුතේ කියන්න"

"පපා, මමා යීබෝ ඉන්නවා, මට එයාව හම්බුනා... හම්බුනා කිව්වට එයා ආවා මං ලගට"

"පුතේ ඔයා ඔය ඇත්තමද කියන්නේ... ඒ කියන්නේ ආයිත් මගෙ පුතාගේ හිනාව බලාගන්න පුලුවන් කියන එක නෙමෙයිද මට ගොඩක් සතුටුයි පුතේ"

"ම්ම් මමා එයාව චෙන් තමයි එක්කන් ආවේ අද ඉදන් එයා තමයි මගේ සෙක්‍රටි.. හ්ම්ම් ඒත් එයා දන්නෙ නෑ මමා මම එයාට ආදරෙයි කියලා... ඒකට කමන් නෑ එයාව මගේ ඇස් මානෙන් තියාගන්න පුලුවන්නේ මමා මට ඒ ඇති..."

"යීබෝ ඉන්නේ ඔයා එක්කමනේ පුතා හිමින් හිමින් දෙන්නට දෙන්නා ලං වෙලා ඔයා ඔයාගේ හිතේ තියන දේ එයාට කියන්න... මම හිතන් නෑ මගේ පුතාව ප්‍රතික්ශේප කරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකේ ඉදීවි කියලා.. මගේ කොල්ලා කොහොමත් හැන්ඩ්සම් නෙහ්"

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now