මෙලෙස කාර්යාලයේ වැඩ කටයුතු සමග කාර්යබහුල වෙමින් සතියක් පමණ ගෙවී ගිය අතට ශාන් හා යීබෝ ත් තරමක් දුරට පෙරට වඩා විවෘතව හැසිරුණි... නමුත් දෙන්නට දෙන්නා තමන්ගේ හිතේ ඔවුනොවුන් වෙනුවෙන් පැවතුනු අදහස් අනෙකාට දැනගැනීමට නම් නොදුන්නේය... නමුත් තම කාමරයේ cctv චෙක් කිරීම පුරුද්දක් වශයෙන් කරන ශාන් නම් යීබෝ තමා දෙස බලාසිටින බව හොදින්ම දැන සිටියේය.. එයට ඔහු බොහෝ සතුටු වුනු අතර වෙනදා සති දෙකකට වරක් cctv චෙක් කරන ශාන් යීබෝ ගේ කෝළම් දැක ගැනීමට ඇති ආසාව නිසාම දැන් නම් දිනයක් ඇර දිනයක් වත් cctv චෙක් කළේය...
අදත් වෙනදා වගේම සාමකාමි දිනයක් වූ අතර යීබෝ හා ශාන්ද හැංගි හොරා දෙදෙනා දෙස බලමින් තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගිය අතර එවිටම ශාන් ට තම පියාගෙන් දුරකතන ඇමතුමක් ආවේය...
"හෙලෝ පපා.. අහ් ඔව් පපා.. ආහ් මොකක්, අනේ පපා දන්නවනේ ඔයා මම ඔය විකාර වලට කැමති නෑ කියලා....අයියෝ අනේ..ම්ම්ම් හරි හරි කමන් නෑ ... මම යන්නම්කෝ... හ්ම්ම් හ්ම්ම් පපා මම සැර කරන් නෑ... ඉවසන් ඉන්නම් ඉතින්... ම්ම් හරි පපා 6 ටනෙ නේද අහ් හරි එහෙනන් මම තියන්නම්. බායි පපා"
මේ වෙනකල් හොදින් හිටිය ශාන් ගේ මුළු මූඩ් එකම අවුල් කිරීමට ඒ කෝල් එක හේතු විය... පියා පැවසූ පරිදි අද යැන්ග් සි සමග ඩිනර් එකකට යා යුතුමය...
"ඒකත් එක අතකට හොදයි ම්ම් යැන්ග් සි ට හොදින් වත් තේරුම් කරන්න ඕනි අද... අද නම් ශානෝ ඉවසන් ඉදපන් ඒ වාතේ ඉස්සරහා... නැත්තම් අපේ පපාටත් හොද නෑනේ ශිට් මොන විකාරයක් ද ඒත් ග්‍රර්‍රර්‍රර්‍ර අහ් හොදම දේ චෙනා ට කතා කරන්න ඕනී...."එලෙස සිතූ ශාන් චෙන් හට කෝල් එකක් ගෙන පපා කියූ පවසන්නට විය. මොන මගුලක් කර හරි තමන්ව යැන්ග් සි ගෙන් බේර ගන්න කියා ඔහු පැවසූ විට
"හරි හරි බං උබ බය වෙන්නෙපා මම ඉන්නවනෙ උබ නෝමල් එකේ යැන්ග් සි එක්ක හිටපන් තරහා අරන් කෑ ගහන්නෙ නැතුව"
යනුවෙන් චෙන් පැවසූ නිසා ශාන් සන්සුන් වී ඔහු අවශ්‍ය වැඩ කටයුතු ටික පමණක් අවසන් කර යීබෝ ට කතා කළේය..."යීබෝ"
"ඔව් සර් කියන්න"
"මේ මට අද හවස පොඩි වැඩක් තියෙනවා ඒ නිසා මම දැන් යනවා.. ඔයත් වැඩ ටික ඉක්මනින් ඉවර කරලා පරක්කු නොවී ගෙදර යන්න"
YOU ARE READING
𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄 [ZhanYi] Completed✅
Hayran Kurgu...........ZhanYi............. [හුදෙක්ම Fan fiction එකක් පමණි.මෙහි එන කිසිවක් සැබෑ චරිත හා සම්බන්ධයක් නොමැත.] -Zoey- ⚓💛