ශාන් උදේ 4 හමාර විතර වෙද්දි ඇහැරුනා. ඒ වෙද්දි යීබෝ නම් ශාන් ගේ පපුවට තුරුල් වෙලා ශාන්ගේ පිජාමා එකෙනුත් අල්ලන් හොදටම නිදි නිකම් හරියට ශාන් එයාව දාලා යයි වගේ...ශාන් යීබෝගේ නළලට,කම්මුල්වලට කුඩා සිපුමන් තියමින්
"මැණික මම බයෙන් හිටියේ ඔයා මට ආදරේ නැතුව ඇති කියලා ඒත් එහෙම නෑ ඔයාත් මට ආදරෙයි ඒක මම දන්නවා... මට ඊයේ ඒක හොදටම දැනුනා...හ්ම්ම්ම් මම ඉක්මනින්ම ඔයාට මගේ ආදරේ කියනවා මගේ පපී... මම ඔයාට ආදරේ කරන තරම මම වත් දන්නේ නෑ බෝදී.. ඉක්මනින් ඔයාගේ ශාන්ගා ඔයාව ශාන්ගා ගාවට ගන්නවා.. ඒක පොරොන්දුවක් මැණික"
යීබෝ දිහා බලාගෙන සෙමින් එහෙම මිමිනූ ශාන් යීබෝව ඇහැරෙන්නේ නැතිවෙන්න ඇදෙන් නැගිටලා යන්න කලින් උදේට කන්න මොනාහරි හදන්න කියලා කුස්සියට ගියා.
ඇත්තටම ශාන් හිතුවට යීබො නිදි කියලා ශාන් එයාගේ මූණ සිපගද්දි යීබෝ ඇහැරුනා ඒත් මුහුණ දෙන්න ලැජ්ජ නිසාම නිදිවගේ හිටියා.ඒත් උනේ යීබෝ හිතුවේ වත් නැති දෙයක්. ශාන් කියපු හැමදේම යීබෝ අහන් හිටියේ හීනෙන් වගේ.. යීබෝ ට ඇඩෙන්න වගේ දුකට නෙමෙයි සතුටට... කාටද ඉතින් සතුටු නැත්තේ තමන් පන වගෙ ආදරේ කරන කෙනා තමන්ටත් ආදරෙයි කියලා දැනගත්තම... ශාන් ගැනම හිතලා තව චුට්ටම චුට්ටක් නිදාගෙන පටස් ගාලා නැගිටිනවා කියලා තමන්ටම කියාගෙන එයාගේ අලුත් ටෙඩී බබාවත් බදාගෙන යීබෝ ආයිත් ඇස් පියාගත්තා.
,
,
,
,
පැය භාගෙකට විතර පස්සේ ශාන් රාමෙන් දෙකකුත් හදලා මේසෙන් තියලා කාමරේට ආවේ යීබෝ ව ඇහැරවන්න... ශාන් එද්දිත් යීබෝ ටෙඩියත් බදන් දොයි.ඇහැරන්න ලෝබ හිතුනත් ඇහැරුනේ නැත්තම් අද ගමන යන්න බැරිවෙන නිසාම ශාන් යීබෝගේ ඔලුව අතින් අතගාන ගමන් යීබෝ ට කතා කලා...
YOU ARE READING
𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄 [ZhanYi] Completed✅
Fanfiction...........ZhanYi............. [හුදෙක්ම Fan fiction එකක් පමණි.මෙහි එන කිසිවක් සැබෑ චරිත හා සම්බන්ධයක් නොමැත.] -Zoey- ⚓💛