Capter 29

876 192 52
                                    

චෙන් එක්ක ශාන් යීබෝව හැමතැනම වගේ හෙව්වා... දැන් හොදටම ශාන් බයවෙලා ඉන්නේ...

"ශාන් උබ ආයිත් යීබෝ ට කෝල් එකක් අරන් බලපන්කෝ"

"අහ් හරී "

එහෙම කියපු ශාන් ආයිත් යීබෝ ට කෝල් එකක් ගත්තා... පෝන් එක රින්ග්ස් යනවා.... ඒ එක්කම වගේ

"ඒහ් ඒහ් ශාන් මෙ මෙහෙන් ඇහෙනවා බෝ ගේ පෝන් එකේ රින්ග් එක වගේ"

එහෙම කියලා ශාන්වත් ඇදන් චෙන් ගියේ සද්දේ ආව පැත්තට...

පෝන් එක රින්ග් වෙන සද්දේ ලග ලගම ඇහෙද්දි ශාන් චෙන් එක්ක හයියෙන් යීබෝ ගේ නම කියලා කෑ ගගහා කතා කරා.. ඒත් එක්කම ශාන් දැක්ක දෙයින් ශාන් ගේ මුලු ඇගම පන නැති වෙලා ගියා...

එයාගේ බෝබෝ ඉන්නවා ඒත් ඉන්නෙ වෙරලේ ගුලි ගැහිලා වගේ... ශාන් ඉක්මනින් දුවලා ගියා එතනට...

"බෝ බෝ අනේ බෝ බෝ නැගිටින්නකො ඇයි මැණික මෙ"

"ම්ම්..ගෙ ශා..න්ගා.... ම්මට ආද්..දරේ නෑ... එයා..ට මා.ව වි...ශ්වා..ස නෑ... ම්.මම මුකු..ත් ..ක..රේ නෑ... අනේ.. මම ද..න් නෑ..."

"අනේ මැණික ඔයාට හොදටම උණනේ..."

එහෙම කියපු ශාන් යීබෝව වඩාගත්තා... ඒත් යීබෝ කියවන එක නැවැත්තුවේ නෑ. එයා උණ විකාරෙන්ම කියෙව්වේ මම මුකුත් කරේ නැ මම දන්නෙ නෑ කියන එක විතරයි. ශාන්ට තමන් ගැනම ලැජ්ජාවක් ආවා...

"අනේ චෙන් මගේ බබා ට හොදටම උණනේ...මම දැන් මොකද කරන්නේ"

"හහ් මම දැන් මොකද කරන්නේ අහන ලස්සන විතරක් අනේ මේ ශාන් මගෙන් මුකුත් අහගන්න එපා... පොඩි එකාට බනින්න  පුලුවන් කැතම විදියට බැනල ඌ ඒකට හිත රිද්දගෙන ඉන්නේ බං... බලපන්කෝ උණ විකාරෙන් උනත් කියවන්නෙ උබ ගැන...උබ  ඔය විදියට දැන් මොකක්ද කරන්නෙ ඇහුවම හරිද..."

ඒ වෙලාවේ ශාන් ගොඩක් පසු තැවුනා... ඒ විතරක් නෙමෙයි තමන් ගැන ලැජ්ජයි වගේම ගොඩක් තරහක් දැනුනා... තමන්ට පන වගේ ආදරේ කරන කෙනාට නේද මෙහෙම කරේ කියලා...

එයාලා එහෙමම යීබෝ ව අරගෙන ආවෙ ශාන්ගේ එපාර්ට්මන්ට් එකට. ඒ එන මගදිගටත් යීබෝ නම් කියෙව්වේ ශාන්ගා බෝදිට ආදරේ නැද්ද කියලා විතරයි... ශාන්ට බාගෙට ඇඩිලා හිටියේ...

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now