"අපි දෙන්නට ඔයාලට දෙයක් කියන්න තියෙනවා" යනුවෙන් පවසා යූබින් යැන්ග් සි ගේ අතින් අල්ලාගත්තා. යැන්ග් සි ත් ලැජ්ජාවෙන් රතු වෙමින් අනෙක් අය දෙස බලා බිම බලාගත්තා... යීබෝ ට හැරෙන්න අනෙක් සියලු දෙනාටම යැන්ග් සි හා යූබින් අතර සම්බන්ධතාවක් පටන් අරන් ඇති බවට සැකයක් තිබුනත් යැන්ග් සි එක් වරම වෙනස් වීම විය නොහැකි යැයි සිතා තහවුරු වෙනකල්ම බලන් හිටියා...
යීබෝ නම් ඉතින් මේදේවල් ගැන කිසිම දෙයක් ලොකුවට දන්නෙ නෑ එයා දැනන් හිටියේ යූබින් යැන්ග් සි ට කැමතියි කියන එක විතරයි... අනික ශාන් ඉද්දි යීබෝට ශාන් ඇරෙන්න වෙන දෙයක් ගැන සිතන්නට කිසිම උවමනාවක් ද නොතිබුනි...
දැන් හැමෝම බලන් ඉන්නේ යූබින් ටයි යැන්ග් සි ටයි කියන්න තියෙන්නේ මොනාද කියලා දැනගන්න...
"මේ මම... නෑ මම කිව්වෙ අපි දෙන්නා.." යූබින් ට කියාගන්න බැරිව තටමනවා බලන් ඉදලම එපා උන චෙන් බඩගින්න ඉවසන්න බැරිම තැන කෑ ගැහුවා...
"රෙද්ද ඉක්මන්ට කියපන්කො බං පාර්ටිය පටන් ගන්..." චෙන් ගේ අදෝනාව ඉවර වෙන්නත් කලින්ම යැන්ග් සි,
"අපි දෙන්නා ආදරය කරනවා" කියලා කිව්වා... එයාලා බලාපොරොත්තු උනේ අනෙක් අය පුදුමෙන් බලන් ඉදීවි කියලා උනත් ඒ හැමෝම හිනාවෙලා ඔවුන් දිහා බලන් ඉන්න එක යැන්ග් සි ට හා යූබින් හට පහසුවක් උනා...
යැන්ග් සි ගේ ලගට ආව යැන්ලි යැන්ග් සි ව බදාගෙන ඔලුව අත ගෑවා... ඊට පස්සේ
"යැන්ග් සි මට ඔයා ගැන ගොඩක් සතුටුයි... ඔයා හිතලා බලලා හරි තීරණයක් ගත්ත එක ගැන"
"ඇත්තටම අක්කේ ඔයාට යි මම තෑන්ක්ස් කරන්න ඕනි.. එදා අක්කා තේරුම් කරේ නැත්තම් තාමත් මම ඉස්සර වගේ ඉන්න තිබ්බා.. ඇත්තටම අක්කෙ මම මේ වෙනකල් ගොඩක්ම කරලා තියෙන්නේ වැරදි දේවල්.. මම ඔයාලා හැමෝගෙන්ම මගේ වැරදි හැසිරීම් වලට, මං නිසා හිත් රිදුන ඒවට සමාව ඉල්ලනවා... අනේ මට පුලුවන්නම් සමාව දෙන්න ප්ලීස්.." අවසාන හරියෙදි යැන්ග් සි ට ඇත්තටම ඇඩුනා... එයා ඇත්තටම ගොඩක් පසුතැවුනා එයා ඉස්සර හැසිරුන විදිය ගැන...යැන්ග් සි අඩන එක බලන් ඉන්න බැරි තැන ශාන් කතා කලා...
YOU ARE READING
𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄 [ZhanYi] Completed✅
Fanfic...........ZhanYi............. [හුදෙක්ම Fan fiction එකක් පමණි.මෙහි එන කිසිවක් සැබෑ චරිත හා සම්බන්ධයක් නොමැත.] -Zoey- ⚓💛