Capter 12

1.1K 237 60
                                    





යැන්ලිගේ කැබින් එකට චෙන් ඇවිත් දැන් විනාඩි 5 ක් විතර වෙනවා... ඒත් තාම කතාවක් නෑ...චෙන් මොනාහරි දෙයක් ගැන ලොකුවට කල්පනා කරනවා කියලා දැන් හොදටම තේරිලා තමයි හිටියේ යැන්ලිත්.. නිහඩතාවය දරාගන්නට බැරිම තැන යැන්ලි හඩ අවදි කරා

"චෙන් දැන් ඔයා ලොකු දෙයක් කියන්න තියෙනවා කියලා ආවේ තනියම හිත හිත ඉන්නද"
ඒ කටහඩත් එක්ක හරි සිහියට ආව චෙන් ගොන් හිනාවක් යැන්ලි ට දාලා

"අක්කේ මට උදව්වක් ඕනි.. "

චෙන් දෙස තත්පර කිහිපයක් පමණ යැන්ලි බලාසිටියේ දැන් ඇසුන දේ ඇත්තද කියලා සනාත කරගන්නයි.. මොකද චෙන් කියන්නේ යටි කූට්ටු වැඩක් කරලා හරි ඕනි දෙයක් කරන කෙනෙක්... එයාට කාගෙවත් උදව් ඕනි උනේම නැති තරම්..

"අහ් උදව්වක්, අහ් හ්ම්ම් මොකක්ද ඕනි උදව්ව" යැන්ලි ඇසුවා.

"මේකයි අක්කේ අපේ ශාන් ඉන්නවනේ"

"ම්ම් ඔව් ඉතින්"

"අක්කෙ අපි හැමෝම දන්නවනේ ශාන් යීබෝ ට කැමතියි කියන එක, ඒ වගේම තමයි අක්කේ අපේ පුංචි යීබොත් එයාට කැමතියි ගොඩාක්. "

"මොනවා එතකොට ඒ දෙන්නම ආදරය කරනවද එතකොට"

"ඔව් අක්කේ ශාන් යීබෝ ට ආදරේ කරනවා වගේම යීබෝත් ගොඩක් ශාන් ට ගොඩක් ආදරය කරනවා අක්කේ... ඒත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ ආදරේ පෙන්නලා නෑ එයාලගේ හිත් වල තියන් දුක් විදිනවා"

"අක්කේ යීබො අඩනවා ගොඩක් දවස් වලට ශානුයි යැන්ග් සි යි එකට ඉද්දි, පවූ එයා හිතන් ඉන්නේ එයා විතරක් ශාන් ට ආදරේ කරන්නේ කියලා.... එතකොට ශාන් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ අක්කේ එයා යීබෝ නැති කාලේ අයිස් කුට්ටියක් වගේනේ හිටියේ... පිස්සෙක් නොවුන ටික විතරයි.. ඒත් එයා අසරණයි යැන්ග් සි නිසා..., අනිත් අතින් යූබිනයා ඌ යැන්ග් සි ට ආදරෙයි... යැන්ග් සි ත් ඌ එක්ක ඉද්දි වෙනස් වගේ... ඒත් යැන්ග් සි ට තේරුමක් නෑ එයාට තියෙන්නේ ශාන් ගැන ආදරයක් නෙමෙයි ආකර්ෂනයක් කියන එක.. ඒ නිසා යූබිනුත් දුකින්... යැන්ග් සි උනත් අවුලින්නේ ඇත්තේ ශාන් එයාව මගහරින එකට එහෙම"

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now