ඒ ඇවිත් හිටියේ යැන්ග් සි. පපුවෙනුත් භාගයක් නිරාවරණය වන සේ හා දණහිසට ගොඩක් උඩට වෙන රතු පැහැති ගවුමකින් සැරසී ඇය පැමිණ සිටියා. යීබෝ නම් ඒ දෙස බැලුවේ පිළිකුළෙන් මෙනි. යැන්ග් සි ගැන තරහක් මෙන්ම තමා ගැන දුකක් ද යීබෝ හට මේ වන විට දැනී තිබුනි...
ඒත් සමගම යැන්ග් සි පැමිණ ශාන් ගේ අතෙහි එල්ලුන විටදි නම් තමන්ගේ හදවතට පිහිපාරක් වැදෙනවා මෙන් වේදනාවක් යීබෝ හට දැනුනි. ඒ නිසා ඔහු ඒ පිළිබදව අවදානයක් යොමු නොකර ඔහුගේ මේසයට බර වී සිටියේය.
යැන්ග් සි පැමිණ අතේ එල්ලුන විටදී ශාන් කෙලින් ම බැලුවේ යීබෝ දෙසයි. නමුත් ඒ වන විට යීබෝ මේසයේ ඔලුව ගසාගෙන සිටිනු ශාන් දුටුවේය.
"මොකද මෙහෙ ආවේ"
"අනේ බේබි පොඩ්ඩක් ආදරෙන් කතා කරන්නකෝ අප්පා" අගර දගර පාමින් යැන්ග් සි පැවසු අතර,
"යැන්ග් සි මම මීට කලින් ගොඩක් පාරවල් කියලා තියෙනවා ඔයාට මේ ඔෆිස් එක"
"අයියෝ හරි හරි අනේ මට අපේ පපා කිව්වා ඔයාව එක්කන් එන්න කියලා"
"මේ දැන් මට කාවවත් මීට් වෙන්න බෑ මම දැන් බිසි"
"ඇයි බබා ඔයාට මම ගැන කිසිම ගානක් නැත්තේ අහ් අපේ පපා පහළ ඉන්නවා ඔයාව මීට් වෙන්න ඇවිත් පොඩි වෙලාවයිනේ යන්නේ"
"හරි හරි යං එහෙනන්"
"හරි යමු බේබි එන්න මාත් එක්කම යං" කියා ශාන් ගේ අතින් ඇදගෙනම යන්නට වූ අතර ශාන්
"යීබෝ, මම පහළට ගිහින් එන්නම් ඔයා පොඩ්ඩක් වැඩ ටික බලන්න"
"හරි සර් 🙂"
ශාන් හා යැන්ග් සි ගිය පසු යීබෝ ඔහේ තම ඩෙස්ක් එකට හිස තියන් ටික වේලාවක් හිටියා... දැන් නම් ඔහුට කලකිරීමත් එක්ක හොදටම කේන්ති ගිහිනුයි හිටියේ...
"ග්‍රර්‍රර්‍රර් ඒ තොරොම්බලේට දෙන් නෑ මම මගේ ශාන් ව මට දැන් එන කේන්තිය" කියා කෑ ගසාම ඉදගෙන ඉදිය තැනින් හිටගෙන ඔහේ එහෙටයි මෙහෙටයි කියව කියව යන්නට විය...
පසුව කැබින් එකෙ පසෙකින් තිබූ කණ්නාඩිය ඉදිරියට ගොස් තමන්ගේ පෙනුම දිහා බලාසිටියේය...
YOU ARE READING
𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄 [ZhanYi] Completed✅
Fanfic...........ZhanYi............. [හුදෙක්ම Fan fiction එකක් පමණි.මෙහි එන කිසිවක් සැබෑ චරිත හා සම්බන්ධයක් නොමැත.] -Zoey- ⚓💛