Capter 09

992 240 64
                                    

යීබෝ යැන්ගි සි හා ශාන් දෙසට ඇවිදන් යන දෙස බලා සිටි චෙන් හොදින් හුස්මක් ගෙන යූබින් දෙස බැලුවේ අවිනිශ්චිත ලෙසයි...

"අඩෝ චෙනෝ උබට sure ද මූ වැඩේ අනාගන් නැතිවෙයි කියලා" යැයි යූබින් ඇසූ අතර එයට ලාවට සිනහාසුනි චෙන් පැවසුයේ

"එහෙම නෑ බං යීබෝ වැඩේ ගානට කරයි උබත් තව ටිකකින් එතනට පලයන් මතකනේ කිව්ව විදිය"

"හරි හරි බං ඒක මම කරන්නම් දැන් මට කියපන් යීබෝ ඔතන කරන්නේ බොරුවක් කියලා ශාන් ට තේරෙන් නැති වෙයි කියලා හිතනවද උබ" යැයි යූබින් චෙන් ගෙන් ඇසූවේ ශාන් යනු ඉතා කල්පනාකාරි පුද්ගලයකු නිසයි.

"අනිවාර්‍යෙන්ම ශාන් දැනගන්නවා යීබෝ ඔතන කරන්නේ බොරුවක් කියලා" යැයි චෙන් සැහැල්ලුවෙන් කියූ අතර යූබින් පුටුවෙනුත් නැගිට කෑ ගැසුවේ

"මොකාක්, යකෝ එතකොට ප්ලෑන් එකම වතුරෙනේ මනුස්සයෝ" කියායි..එයටද සිනහසුනු චෙන් පැවසුවේ "බලන් ඉමුකෝ බං" කියායි...

කෙසේ වුවත් සීතල පෞර්ශයක් තිබූ යීබෝ අද සිදුකරන දෙය ඔහුට කිසිසේත්ම නොගැලපෙන බව නම් චෙන් යූබින් මෙන්ම යීබෝ පවා දැනසිටියා...
,
,
,
,
යීබෝ ශාන් හා යැන්ග් සි පේන මානයට පැමිණ චෙන් හා යූබින් දෙස බැලුවේ  ආයිත් හැරිලා එයාලා ලගට කතා කරයි කියලා හිතලයි ඒ තරමට යීබෝ ගේ හිත කලබල වෙලයි තිබ්බේ.. නමුත් ඔවුන් සාමාන්‍ය විදියට බලන් ඉද දැන් වැඩේ පටන් ගන්න යැයි පැවසූ නිසා ඔහු ශාන් දෙස බලා

"යීබෝ ම්ම් අද සමහර විට ඔයා ශාන් සර් ව දකින අවසාන දවස වෙන්නත් පුලුවන්, හ්ම්ම්ම් මේ මොන විකාර ප්ලෑන් එකක්ද අප්පා චෙන් ගගා ට නම් පිස්සු අනේ මොන ලැජ්ජාවක් ද අප්පා මේ හ්ම්ම් කමන් නෑ යීබෝ මේ මොන දේ කරන්නෙත් ඔයාගේ වන් ඇන්ඩ් ඔන්ලි ලව් එක ශාන් සර් හින්දමනේ.... හිතට හයිය අරන් ගියාට පස්සේ යැන්ග් සි මලහෝන්තුව කනේ පාරක්වත් දෙයිද දන් නෑ... හම්මෝ ග්‍රර්‍ර්‍රර්‍ර ඔය ඉතින් ඕනි නැති ඒවා හිතන්න එපා... හරි දැන් වැඩේ පටන් ගමු හුම් එකායි දෙකායි තුනායි... ෆයිටින් යීබෝ"

මෙවැනි විකාර තමන්ටම පවසා ගනිමින් අසළ මේසයක තිබූ වයින් බදුනක් අතට ගෙන එයින් භාගයක් පමණ බිමට හලා එක උගුරක් බිබී වෙරී  වූ අයෙකු සේ ශාන් හා යැන්ග් සි සිටින ස්තානයට යන්නට විය....

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now