- Christian And Aelon -- FLASHBACK
ඉහත සීදුවීමෙන් අවුරදු දෙකකට පෙර
[Two Years Ago]_______ඒ කියන්නේ_______
ක්රිස්ටියන් ඉපදුන අවුරුද්ද
[Christian's Born Year]New York City, America
[නිව්යෝර්ක් නගරය, ඇමරිකාව]එලොන් එදා ක්ලබ් එකට ආවේ හෙනම බිසී වුන දවස් දෙක තුනකට විතර පස්සේ. ඒකත් එයාගේ යාළුවෝ තුන්දෙනාව මීට් වෙන්න. පහුවෙච්ච දවස් දෙක තුනම කොල්ලට හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.
VIP ඒරියා එකේ බාර් ටේබල් එකට වෙලා එලොන් එයාට සුපුරුදු විස්කි ග්ලාස් එක අතට අරන් ලාවට තොල ගාන්න ගත්තා. ඒකත් කවදාවත් හරියට වෙලාවට වැඩක් කරන්නේ නැති යක්සයෝ තුන්දෙනාට හිතෙන් හොදට අමතන ගමන්.
ඒත් එලොන් හිතුවේ නැති විදිහට ටිකකින් එලොන්ගේ ඔළුව බරවෙන්න ගත්තේ ඇස් දෙකත් ලාවට පියවීගෙන යද්දි. ඒත් එක්කම එලොන්ට ඇහුණේ පොඩි බබෙක් අඬන සද්දයක් . එලොන් නැගිටලා වටපිට බැලුවේ ඒ සද්දේ එන්නේ කොහෙන්ද කියලා.
පොඩි ළමයි කොහෙද ක්ලබ් එකේ..?
අනික මේ වෙලාවට..
ඒ වෙලාවේ ක්ලබ් එක ඇතුලේ තිබ්බේ කට්ට කළුවරක්. එච්චර කළුවරක් තිබිලත් එලොන්ගේ ඇස් කළුවරේ වටපිට බැලුවේ මොනාම හරි දෙයක් පේනවද බලන්න. ඒත් එලොන්ට මුකුත්ම පෙණුනේ නෑ.
'කරන්ට් ගිහින්ද..?'
එහෙම හිතෙන තරමටම ක්ලබ් එක කලුවරයි."..වට් ද හෙල්..?"
එලොන්ගේ කටින් පිටවුනේ ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක් නිසා.
'..ශිට් කරන්ට් ගියත් ඇයි ජෙනරේටර්ස් ටිකවත් වැඩ නැත්තේ.. අනික මට මුකුත් පේන්නේ නැතිවෙලා යන්න විදිහක් නෑනේ කළුවරේ වුනත්.. ඒක කොහෙත්ම වෙන්න බෑ.. ඇයි අද මේ...?'
කට්ට කළුවරේම එලොන් වටපිට අතපත ගාගෙන එයාගේ ඔෆිස් එක තියන පැත්තට ඇවිදගෙන යන්න ගත්තා. ඒත් එයාට දැණුනේ ක්ලබ් එකේ පොළව හරිම සොෆ්ට් විදිහට එබෙනවා වගේ.
එලොන්ට හොඳටම ෂුවර් එයාගේ ක්ලබ් එක ඇතුළේ පොළවට තණකොළ හිටෙව්වේ නම් නෑ කියලා.'මොන මඟුලක්ද මම මේ හිතන්නේ.. ක්ලබ් එක ඇතුළේ තණකොළ හිටවන්න. ග්ලාස් එක ඉවර කරන්නත් කලින්ම මට වැදිලද..?'
YOU ARE READING
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ [SUPERNATURAL SERIES]
Werewolf[BOOK ONE] [COMPLETED] [HAPPY ENDING] 𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐲𝐨𝐮 𝐰𝐢𝐥𝐥 𝐋𝗼𝐯𝐞 𝐦𝐚𝐧𝐲 𝐭𝐢𝗺𝐞𝐬.. 𝐁𝐮𝐭 𝗼𝐧𝐞 𝐋𝗼𝐯𝐞 𝐰𝐢𝐥𝐥 𝐛𝐮𝐫𝐧 𝐲𝗼𝐮𝐫 𝐒𝗼𝐮𝐥 𝐅𝗼𝐫𝐞𝐯𝐞𝐫 ! 🩸 - 𝐓𝐡𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝐨𝐟 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐢𝐚𝐧 𝐀𝐧𝐝 𝐀...