𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 37 🔞⚠️

1K 118 3
                                    

WARNING ⛔️ |
MATURE CONTENTS AVAILABLE ⚠️🔞🛑

[READING THIS CHAPTER IS YOUR OWN RISK]




                    - Christian and Aelon -

"..පපාහ්.."

ඔල්සෙන් හිනාවුනේ ක්‍රිස්ටියන්ගේ කොණ්ඩේ අවුල් කරන ගමන්.

"..මේ වෙලාවේ කොහෙද යන්නේ..??"

ඔල්සෙන් ක්‍රිස්ටියන් එක්කම ක්‍රිස්ටියන් යන පැත්තට ඇවිදන්
යන ගමන් ඇහුවා. එයාගේ පපාට උත්තර දෙන්න කලින් ක්‍රිස්ටියන් කරේ හොද හුස්මක් ගත්ත එක.

"..ශෙන්ග්ව බලන්න.."

ක්‍රිස්ටියන් කිව්වම ඔල්සෙනුත් මුකුත් කියන්නේ නැතුව ක්‍රිස්ටියන් එක්ක මෙඩි හවුස් එකට පැත්තට ඇවිදගෙන ගියා.

"..සෝ හැන්ඩ්සම්.."

ඉස්සරහා බලාගෙන ක්‍රිස්ටියන් ගාවින්ම ඇවිදගෙන යන ගමන් ඔල්සෙන් මිමිණුවා.

"..අහ්..??"

ඒක ලාවට ඇහුණ ක්‍රිස්ටියන් ඔල්සෙන් දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"..අන්තිමට මම ඔයාව දකිද්දි ඔයා අවුරුදු අටක දඟමල්ලක්.. ඒත් දැන්................"

ක්‍රිස්ටියන් එයාගේ තොල් දෙක හපාගත්තේ පපාගේ කම්ප්ලිමන්ට් එකට.

"..හැමදේම ඉවරයි දැන්.. ඒත් අවුරුදු විසි ගාණක් අර හිරකුඩුවේ හිටියා කියලා හිතාගන්න බෑ.. එච්චර දුක් විඳ විඳ.."

ඔල්සෙන් හොඳ හුස්මක් අරගෙන දිගටම කතා කරන්න පටන් ගත්තා.
ඔල්සෙන්ගේයි, මිසෙරිගෙයි, මෙලියාගෙයි ඇඟවල් පුරාම තියන වුල්ෆ් බේන් වලට පිච්චිච්ච පාරවල්, වුල්ෆ් නියපොතු තුවාල පාරවල් ක්‍රිස්ටියන් ඒ වෙද්දිත් දැකලා තිබ්බා.
ඒ අතුරුදහන් වෙලා හිටිය අවුරුදු ගාණ එයාලා කොච්චර දුක් විඳින්න ඇතිද කියලා ක්‍රිස්ටියන්ට ඒ තුවාල පාරවල් දැක්ක වෙලාවෙම හිතුණා.
එහෙම හිතෙද්දි ක්‍රිස්ටියන්ගේ අත් දෙකත් එයා නොදැනුවත්වම මිට මෙලවුණා. සෙලස්ටේ ස්කෙල්ටන්ට දුන්න දඬුවම මදි කියලා ක්‍රිස්ටියන්ට තවමත් හිතෙනවා.

ඒ කිසිම දේකට සම්බන්ධයක් නැති එයාගේ පවුලේ අයයි, ඒ වගේම හම්බවෙන්න හිටිය පප්ස්ලා එක්කම නැතිවුණ මාකස්ගේ මේට් ස්ටීවන්වයි ක්‍රිස්ටියන්ට මතක් වුණා.  එහෙම මතක් වෙද්දි ක්‍රිස්ටියන්ගේ කල්පනාව සෙලෙස්ටේගේ පැත්තෙන් මාකස්ගේ පැත්තට ඇදිලා ගියා.

𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️     [SUPERNATURAL SERIES]Tempat cerita menjadi hidup. Temukan sekarang