𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 22

862 123 6
                                    


- Christian and Aelon -

මූන්ලයිට් සිටි එකේ ඉඳලා ක්‍රිස්ටියන් මැන්ෂන් එක ඇතුලට එනකොටම ඇහුණේ මැන්ෂන් එක දෙදරන්න සෙකන්ඩ් ෆ්ලෝ එකෙන් ඇහෙන සද්ද ගොඩක්.

".....මම ආයේ කියන්නේ නෑ......!!! ඕකේ සද්දේ අඩුකරලා බෙරිහන් දෙන එක නවත්තනවලා......!! මඟුල!!!!"

ඒ සද්දෙට වැඩිය හයියෙන් ඇහුණේ කිචන් එකේ ඉඳලා අයිවන් බෙරිහන් දෙන සද්දේ. අයිවන් කෑගහපු එක ඇහුණදවත් කියලා ගාණක් නැතිවෙන්න ආයේ උඩතට්ටුවෙන් ඇහුනේ මහ හයියෙන් හිනාවෙන සද්දයක්.

"..රෙමී!!!.. කියනවකෝ අරුන් හතර දෙනාට ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්න එපා කියලා.."

ආපහු අයිවන්ගේ කටහඬ.

"..රෙමීරෝඕඕඕඕඕඕඕ!!!!!!!!!!!..."

අයිවන් ෆෘට් සැලඩ් කප් එකකුත් අරන් කිචන් එකේ ඉඳලා රෙමීරෝටත් කෑගහගෙන එළියට එද්දි තමයි දැක්කේ ක්‍රිස්ටියනුත් ඇවිත් කියලා.

අයිවන්ගේ ඉස්සරහා හිට⁣ගෙන ඉන්න ක්‍රිස්ටියන්ටත් රවාගෙන ඇවිත් අතේ තිබ්බ ෆෘට් සැලඩ් කප් එක ⁣එතනම තිබ්බ ටේබල් එක උඩින් තිබ්බා. ඒ තියලා ටේබල් එක ඉස්සරහා තිබ්බ තඩි ලොකු සොෆා එකේ වාඩි වුනේ කකුල් දෙකත් උඩට අරගෙන.

"..මොකක්ද බන් අර සද්දේ..?"

අයිවන්ගේ ෆෘට් සැලඩ් එකේ තිබ්බ අන්නාසි කෑල්ලක් අරගෙන කටට දාගන්න ගමන් ක්‍රිස්ටියන් ඇහුවේ ඇස් දෙකෙන් සෙකන්ඩ් ෆ්ලෝ එක පෙන්නලා. තවමත් සිංදු සද්දෙයි ගිරිය කඩන් බෙරිහන් දෙන සද්දෙයි හිනා සද්දෙයි නැවතිලා නෑ.

"..ගේම් ගහනවා අර අලි බබ්බු හතර දෙනා.."

"..හතර දෙනා..?"

"..එලොන්නුයි, ජොනතනුයි සෙට් වෙලා අර ⁣ඩබලට.."

අයිවන් කිව්වේ උඩ තට්ටුවට රවන ගමන්.

"..රෙමී..??"

"..ක්‍රිස්ටියන් රෙද්ද!! තමුසෙට කන්න නෙමෙයි මිනිහෝ මම ඕක හදාගත්තේ!!.."

අයිවන්ගේ එහාපැත්තෙන් වාඩි වෙලා ෆෘට් සැලඩ් කප් එක අතටගන්න හැදුව ක්‍රිස්ටියන්ගේ අත⁣ට ගහලා අයිවන් කියද්දි ආපහු උඩ තට්ටුවෙන් මැන්ෂන් එක දෙදරලා යන්න හිනා සද්දයක් ඇහුණා.

𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️     [SUPERNATURAL SERIES]Where stories live. Discover now