𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 39 [FINAL CHAPTER]

1.3K 119 11
                                    




                   - Christian and Aelon -


'..අනේ බෑනේ..'

මයින්ඩ් ලින්ක් එකේ කොනකට තව ගුලි⁣වෙන ගමන් එලොන් කිව්වා. ඒ ඉන්න කළු හෙවනැල්ලෙන් එයාට කරදරයක් නෑ කියලා තේරුණත් එයා එයාවම ආරක්ෂා කරගන්න ⁣ට්‍රයි කරා.

'..බය වෙන්න එපා එලොන්.. මම ඔයාට රිද්දන්නේ නෑ.. ඔයයි මමයි කියන්නේ එක්කෙනෙක්..'

ටිකක් ගොරෝසු කටහඬකින් කළු හෙවනැල්ල කියද්දි එලොන් ඔළුව උස්සලා එයාගේ ඉස්සරහා තියන කළු හෙවනැල්ල දිහා බැලුවා. ඒක තද කළු පාට හෙවනැල්ලක්. එයාට ගෝල්ඩ් කලර් දිලිසෙන ඇස් දෙකක් තිබ්බා.

ඒ ගෝල්ඩ් කලර් ඇස් දෙක එලොන්ට ක්‍රේන්ගේ ඇස් දෙක මතක් කරා. සමහර වෙලාවට ⁣ක්‍රේන් හියුමන් ෆෝම් එකෙන් ඉද්දි ක්‍රිස්ටියන්ගේ ඇස් දෙක සම්පූර්ණයෙන් ගෝල්ඩ් කලර් වෙනවා.
ඒක ඕනම වුල්ෆ් කෙනෙක්ට වෙන දෙයක්. එයාලා හියුමන් ෆෝම් එකෙන් ඉන්න වෙලාවට එයාගේ වුල්ෆ් කන්ට්‍රෝල් එක ගත්තම ඒ හැම එක්කෙනෙක්ගේම ඇස් දෙක ගොල්ඩ් කලර් එකට වෙනස් ⁣වෙනවා.

ක්‍රිස්ටියන් නිකන් ඉන්න වෙලාවට වුනත් ක්‍රේන් ආවම එලොන් දැනගන්නේ ක්‍රිස්ටියන්ගේ ඇස් දෙකේ පාට වෙනස් වුනාම.

'..ඔහ්!! යු.....!'

එලොන්ව ශොක් වෙච්ච පාර එයාට කියාගන්න දෙයක් නැතිවු⁣⁣ණා. එයා දන්නවා දැන් ඒ හෙවනැල්ල කාගේද කියලා.

'..නේම් මී එලොන්.. මට නමක් නෑ තාම.. ඔයා තමයි මට නමක් දාන්න ඕන..'

හෙවනැල්ල කියද්දි එලොන් ඇස් දෙකත් ලොකු කරගෙන හෙවනැල්ල දිහා බැලුවා.

'..ම්ම්ම්ම්....'

එලොන් කල්පනා කරේ එයාගේ වුල්ෆ්ට ගැලපෙන නමක්.

"..හව් අබවුට් නේමීස්..?"

දොර ලඟින් ඇහුණ ගැඹුරු කටහඬට එලොන් ගැස්සිලා ගිහින් ආපහු හරි සිහියට ආවා. ශෝට් එකක් විතරක් ඇඳගෙන දොර ලග උළුවස්සට හේත්තු වෙලා අත් දෙකත් පපුවට බැඳගෙන හිටගෙන හිටියේ ක්‍රිස්ටියන්. ක්‍රිස්ටියන් කිව්වට එයාගේ ඇස් ගෝල්ඩ් කලර් වෙලා තිබ්බ නිසා ඒ ඉන්නේ ක්‍රේන් කියලා එලොන් දන්නවා.

𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️     [SUPERNATURAL SERIES]Where stories live. Discover now