𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 17

892 119 4
                                    


- Christian and Aelon -

එලොන්ගෙන් එයා මොනවද බලන්නේ කියලා ක්‍රිස්ටියන් ඇහුවේ එයත් එලොන්ගේ උරහිසට උඩින් ඇල්බම් එකට එබිලා බලලා.

"..ඔයාව මම පළවෙනියට දකිනකොටත් ක්‍රේන්නේ හිටියේ.."

එලොන් ⁣ඔළුව සයිඩ් එකට හරවලා එයාගේ උරහිසට මූණ තියන් ඉන්න ක්‍රිස්ටියන්ගේ කම්මුලට ස්වීට් කිස් එකක් දුන්නා. ඒකට නම් ක්‍රිස්ටියන්ගේ මූණට ලස්සන හිනාවක් ආවා. අවුරුදු කීයක ආදරයක්ද මේ දෙන්නා හිතේ හිරකරගෙන ඉන්නේ.

"..මට එච්චර මතක නැ ඒ කාලේ.. ඔයා ආව දවස් ගැන මමායි පපායි කියපු දේවල් ටික තමයි .. චූටීම කාලේ.."

"..දන්නවද ක්‍රිස්.. ඔයා පිලිගන්නවද මං කිව්වොත් ඇත්තටම ඔයා ඉපදෙනකොටත් මට දැණුනා කියලා.."

එලොන් අහද්දි ක්‍රිස්ටියන් පුදුම ⁣වුණා.

"..මම ඉපදෙද්දි දැණුනා කියන්නේ..? එහෙම එකක් මම දන්නේත් නෑනේ.. මමීලා කිව්වෙත් නෑ.. අඩුම මමා කැටීවත්.."

"....මමා කැටී කිව්වා අපි ආව පළවෙනි දවසේ ඔයා ඉපදුනාම ඔයාව මට දැනෙන්න එයා මායාවක් කරා කියලා.. ඒත් පස්සේ මට ඒක එහෙම වෙන්න බෑ කියලා හිතුණා. මොකද එදා මම කැටී කිව්වේ‍ මුලින්ම ඔයා ඉපදුනාට පස්සේ ඔයාගේ බ්ලඩ් අරන් ඔයාගේ මේට්ව හෙව්වා කියලනේ.. ඒත් ඔයා ඉපදෙනකොටම මට දැණුනා.. සිනෙන්වත් දැණුනා.. මමා කැටීට ඔයාගේ බ්ලඩ් ගන්න වෙලාවක් තියෙන්න විදිහක් නෑ ඒ වෙලාවේ.. මම මුලින්ම දැක්කේ නිල් පාට ඩොට්ස් දෙකක් සුදු පාට මීදුමක් මැද්දේ.. පස්සේ මම ඒ නිල් පාට ඩොට්ස් දෙකට ලංවෙනකොට ඒ ඩොට්ස් දෙක රතු පාට වෙන්න ගත්තා.. එතකොට අර වටේට තිබ්බ සුදු පාට මීදුමත් ලාවට රතු පාට වෙන්න ගත්තා.. ඊටපස්සේ ඒක එහෙම්ම නැතිවෙලා ගියා.. අහ් තව පොඩි බබෙක් අඬන සද්දයක්.. ඒන හොදටම ඇහුණා මට.. ඒ කියන්නේ මට ඒ කාලේම ඔයාව දැනිලා තියනවා.. එදායින් පස්සේ දිගටම හීන පේන්න ගත්තා.. නිල් පාට ඇස් දෙකක් කියලා කියන්න පුලුවන් ඩොට්ස් දෙකක් එක්ක සුදු පාට මොකක්හරි මගේ ඉස්සරහින් හයියෙන් දුවනවා.. ඒත් මම ලංවෙන හැමවෙලේම ඒක මීදුමක් වෙලා බොඳවෙලා යනවා.. එකම එක සැරයයි මම සිනෙන් කියලා කියන්න පුලුවන් රතු ඇස් දෙකක් දැක්කේ හීනෙන්.. ඒ එදා ඔයා ඉපදුන දවසේ විතරයි.. ඊටපස්සේ එයාව හීනෙන් පෙණුනේ නෑ...."

𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️     [SUPERNATURAL SERIES]Where stories live. Discover now