- Christian and Aelon -"..එයාට කොහොමද..?"
ඔල්සෙන්ගේ ගැඹුරු කටහඬ ඇහුණේ යකඩ දොරක් ලඟින්. යකඩ කූරු වලින්ම වටකරලා තිබ්බ ඒ රූම් එකේ බිත්තියක් ලග එක කොනක බිමට අඟල් දෙකක් විතර මහත යකඩ දම්වැල් දෙකක් සෙට් කරලා තිබ්බා. ඒ ලගම තිබ්බ බිත්තියටත් ඒ වගේම තවත් යකඩ දම්වැල් දෙකක් සෙට් කරලා තිබ්බා.
ඒත් ඒ හැමදේටම වැඩිය එතන අවධානය යොමු වුනේ ඒ යකඩ දම්වැල් වලින් බැඳලා හිටිය කෙනාට.
එයාගේ තද කළු පාට කොණ්ඩේ දාඩිය වලින් පෙඟිලා නළලට වැටිලා ඇලවිලා තිබ්බේ එයාට තිබ්බ අළු පාට ඇස් කවර් කරගෙන. හෙලවෙන්නවත් බැරිවෙන්න එයාගේ අත් දෙක දෙපැත්තට උස්සලා බිත්තියේ තිබ්බ දම්වැල් වලට සෙට් කරලා තිබ්බා. බිමට සෙට් කරලා තිබ්බ යකඩ දම්වැල් දෙක විලුඹට දාලා තිබ්බා. එයා කොච්චර කකුල් ගැසුවත් ඒවා හෙලවුනේවත් නෑ.
එයාගේ උඩට කිසිම ඇඳුමක් තිබ්බේ නෑ. සික්ස් පැක් එක්ක ගානට මේන් ටේන් කරපු බොඩි එකක් තමයි එයාට තිබ්බේ. මහ ලොකුවට නැතත් අත් වල එහෙම ගානට මසල්ස් කට් වෙලා තිබ්බා. එයා යටට ක්‍රීම් කලර් ශෝට් එකක් විතරයි ඇදගෙන හිටියේ.
ඒ වගේම එයාගේ මූණේ තිබ්බේ දරාගන්න බැරි පුදුම කේන්තියක්."..දෆක්!.. රිලීස් මී! යු මදර්ෆක... ආහ්හ්හ්හ්!!!!!!.."
එහෙම කියලා කෑගැහුවත් ඉතුරු ටික කියන්න කලින් එයාගේ දණහිසට පොඩ්ඩක් උඩින් තිබ්බ බෝන් එක ඉබේම ටකස් ගාලා අනිත් පැත්තට කැඩුනා.
ඒ කැඩෙද්දි එයා වේදනාවෙන් බෙරිහන් දුන්නේ එයා හිටිය රූම් එකත් එක්ක දෙදරන්න.
ඇටකට්ටක් කැඩෙන එක කොහොමද දරාගන්නේ ඇත්තටම."..නොට් ගුඩ් පපාහ්.."
ක්‍රිස්ටියන් ඔල්සෙන්ට කිව්වේ යකඩ කූරු වලින් එළියේ හිටගෙන කාමරේ ඇතුලේ වේදනාවෙන් බෙරිහන් දෙන එලොන් දිහා බලාගෙන.
"..මට තියන ප්‍රශ්නේ එයා ඇයි මෙච්චර කල්ගන්නේ කියලා.."
ඩිමිත්‍රි කියද්දි ඩිමිත්‍රිගේ ඇස් වල කඳුළු පිරිලා.
බ්ලඩ් මූන් දවසේ ක්‍රිස්ටියනුයි එලොනුයි මේටින්ග් සිස්ටම් එක කම්ප්ලීට් කරපු ගමන් එලොන්ව සිහිය නැතිවෙලා ක්‍රිස්ටියන්ගේ ඇඟ උඩටම ඇදගෙන වැටුණා. එහෙම සිහිය නැතිවෙලා වැටුණ එලොන්වත් අරගෙන ක්‍රිස්ටියන් කෙලින්ම ආවේ ක්‍රෙශ්නියර් මැන්ෂන් එකේ පොළොව යට හදලා තියන ස්පෙශල් රූම්ස් වලට.
YOU ARE READING
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ [SUPERNATURAL SERIES]
Werewolf[BOOK ONE] [COMPLETED] [HAPPY ENDING] 𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐲𝐨𝐮 𝐰𝐢𝐥𝐥 𝐋𝗼𝐯𝐞 𝐦𝐚𝐧𝐲 𝐭𝐢𝗺𝐞𝐬.. 𝐁𝐮𝐭 𝗼𝐧𝐞 𝐋𝗼𝐯𝐞 𝐰𝐢𝐥𝐥 𝐛𝐮𝐫𝐧 𝐲𝗼𝐮𝐫 𝐒𝗼𝐮𝐥 𝐅𝗼𝐫𝐞𝐯𝐞𝐫 ! 🩸 - 𝐓𝐡𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝐨𝐟 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐢𝐚𝐧 𝐀𝐧𝐝 𝐀...