𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 11

948 117 9
                                    


- Christian and Aelon -

"..එලොන් හිටියේ අපි එක්කමයි.. අපි නොදැන එයාට මැන්ෂන් එකේ සික්‍යුරිටි සිස්ටම් හින්දා එළියට යන්න බෑ.. අනික තමයි වටේටම තියන මායාවල් එක්ක එයාට මුකුත් කරන්න බෑ.. අනික ඒ හයිබ්‍රිඩ් කෙනෙක්!.. මොකද නෝමල් වැම්පයර් කෙනෙක්⁣ට ක්ලෝව්ස් නෑ.. වැම්පයර්ස්ලට තියෙන්නේ නෝමල් හියුමන් නේයිල්ස්.. ඒක හින්දා ඒ වුල්ෆ් බේන් දැම්ම ක්ලොව් මාර්ක්ස් අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් කෙනෙක්ගේ.. අනික වුල්ෆ් කෙනෙක්ට බෑ බ්ලඩ් ඇගෙන් එළියට ඇදලා ගන්න.. ඒක කරන්න පුලුවන් වැම්පයර් කෙනෙක්ට විතරයි.. සෝ අපි මේ හොයන්නේ හයිබ්‍රිඩ් කෙනෙක්.. හාෆ් වුල්ෆ්-හාෆ් වැම්පයර් ⁣හයිබ්‍රිඩ් කෙනෙක්.. ඒ......"

කොල්ලා කිය කිය හිටිය නවත්තලා කල්පනා කරන්න ගත්තේ ක්‍රිස්ටියන්ගේ ඇස් දෙක තද නිල්පාටයි ගෝල්ඩ් කලර් එකයි එක්ක මික්ස් වෙලා දි⁣ලිසෙන්න ගන්නකොට.*

සිද්ධ වෙන දේ එතන හිටිය හැමෝටම තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ක්‍රිස්ටියන්ගේ ඇස් දෙක දිහා බැලුවම වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත ඔක්කොමලා ඔළුව නැමුවේ ක්‍රිස්ටියන් මේ අවස්ථාවේ සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් එක ක්‍රේන්ට දුන්නා කියලා තේරේනකොට.*

ක්‍රිස්ටියන් එයාට සම්පූර්ණ කන්ට්‍රෝල් එක දුන්නට පස්සේ හියුමන් ෆෝම් එකෙන් හිටිය ක්‍රේන් හොද හුස්මක් ගත්තේ දොර පැත්තට හැරෙන ගමන්. ලැරීව ගන්න පැක් බෝඩර් එක ලගට ගිය වෙලාවේ ක්‍රේන්ට දැණුන අමුතු ස්මෙල් එක. ක්‍රේන් හැරිලා බැලුවේ පිටිපස්සේ හිටිය කට්ටිය දිහා. හැමෝ⁣ගෙම ඇස් සාමාන්‍ය පාටත් එක්ක ගෝල්ඩ් කලර් එක්ක මික්ස් වෙලා දිලිසුනා. ක්‍රිස්ටියන් ක්‍රේන්ට කන්ට්‍රෝල් එක දෙද්දි අනිත් හැමෝගෙම වුල්ෆ්ස්ලත් එයලගේ කන්ට්‍රෝල් එක සම්පූර්ණයෙන් අරගෙන තිබ්බා. අයි කලර් එකත් එක්ක මික්ස් වෙච්ච ගෝල්ඩ් කලර් ඇස් ටිකක් ⁣ඇල්ෆා ක්‍රේන් දිහා බලාගෙන හිටියා.

ඉදගෙන හිටිය පුටුව උඩම මාර්ක්ට අඬ අඬ ඉන්න ගමන්ම නින්ද ගිහින් තිබ්බ නිසා අනිත් අයගේ වුල්ෆ්ස්ලා කන්ට්‍රෝල් එක ගත්තා කියලා එයාට තේරුණේ නෑ.
ඒ වගේම එතන හිටිය කාටවත් ප්‍රෙග්නට් ඔමේගාව ඇහැරවන්න උවමනාවක් තිබ්බේත් නෑ.

𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️     [SUPERNATURAL SERIES]Where stories live. Discover now