- Christian and Aelon -
'ඔහ්! මයි ෆකින්ග් ගෝඩ්!'එලොන් ඇස් දෙක ලොකු කරන් බැලුවේ එයා ඉස්සරහා හිටගෙන හොට් ඇන්ඩ් හැන්ඩ්සම් කොල්ලා දිහා. ඒ ඉන්නේ ක්‍රිස්ටියන් කියලා එලොන් හරියටම තේරුම් ගත්තේ එයාට තිබ්බ තද නිල් පාට ඇස්වලින්.
'මයි ගුඩ්නස්!!!'
එලොන් ක්‍රිස්ටියන්ගේ උඩ ඉදන් යටටයි යට ඉදන් උඩටයි හතර පස් පාරක් ඇස් දෙක යැව්වේ ක්‍රිස්ටියන් උගුර පාදද්දි.
"..ක්හ්හ්හ්ම්මම්ම්.."
එලොන් සිහියට ආවේ ඒ සද්දෙට. එලොන්ගේ කම්මුල් දෙකම තද රෝස පාට වුනේ එයා ක්‍රිස්ටියන් දිහා බලපු විදිහ මීටර් වෙලා.
මෙලෝ සිහියක් නැතුව උඩටයි යටටයි බැලුවනේ."..හෙලෝ මිස්ටර් ක්‍රෙශ්නියර්.. අයිම් ඩිමිත්‍රි පියර්ස්, මගේ වයිෆ් ශෙසිල්, මේ ඉන්නේ ජෙරමි පියර්ස් ඇන්ඩ් එයාගේ වයිෆ් කියාහ්.. ඇන්ඩ් මයි යන්ගර් සන් එලොන්.."
"..හ්ම්ම්.. ඇල්ෆා ක්‍රිස්ටියන් ක්‍රෙශ්නියර්.. බෙටා අයිවන්.. ගැමා රෙමිරෝ.. ඇන්ඩ් වොරියර්ස් ලීඩර් ජොනතන්.."
ක්‍රිස්ටියන් ඩිමිත්‍රිටයි අනිත් අයටයි අතට අත දුන්නේ ඇස් කොනින් එලොන් දිහා බලන ගමන්.
'අහ් මෙයාද මේ එලොන් නිකොලායි පියර්ස්'අන්තිමට ක්‍රිස්ටියන්ගේ අත එලොන්ගේ අතේ පැටලෙද්දි දෙන්නටම දැණුනේ නිකන් ඒ අත් දෙක එකතු වුන තැන ඉදලා කරන්ට් එකක් යනවා වගේ.
ක්‍රිස්ටියන්ගේ නහයට සුපුරුදු රෙඩ් වයින් ස්මෙල් එකත් එක්ක එන බ්ලඩ් ස්මෙල් එක දැණුනේ ගොඩක් ලගින්. අවුරුදු ගාණකට කලින් එයාට ඒක ආපහු දැනෙන්න ගත්තේ ඊයේ රෑ ඉඳලා. එලොන් මූන්ලයිට් සිටි එකට ආව වෙලාවේ ඉදලා.
අනික ඒ ස්මෙල් එක එන්නේ එයාගේ මේට්ගෙන් නිසා ක්‍රිස්ටියන් කන්ට්‍රෝල් වෙලා හිටියේ හරිම අමාරුවෙන්. අනික ඒක දැනෙන්නේ එයාටම විතරයි.අවුරුදු ගානකට කලින් තමන්ට ඒ සුවද දැණුන හැටි ක්‍රිස්ටියන්ගේ මතකෙට ලාවට ආවා. ඒ මතකත් එක්ක ක්‍රිස්ටියන්ගේ තද නිල් පාට ඇස් දෙක එලොන්ගේ තද අළු පාට ඇස්වල අතරමං වුනේ තත්පර ගාණකට.
YOU ARE READING
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ [SUPERNATURAL SERIES]
Werewolf[BOOK ONE] [COMPLETED] [HAPPY ENDING] 𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐲𝐨𝐮 𝐰𝐢𝐥𝐥 𝐋𝗼𝐯𝐞 𝐦𝐚𝐧𝐲 𝐭𝐢𝗺𝐞𝐬.. 𝐁𝐮𝐭 𝗼𝐧𝐞 𝐋𝗼𝐯𝐞 𝐰𝐢𝐥𝐥 𝐛𝐮𝐫𝐧 𝐲𝗼𝐮𝐫 𝐒𝗼𝐮𝐥 𝐅𝗼𝐫𝐞𝐯𝐞𝐫 ! 🩸 - 𝐓𝐡𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝐨𝐟 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐢𝐚𝐧 𝐀𝐧𝐝 𝐀...