- Christian and Aelon -ලියාම් උඩ පැනගෙන ඇවිත් පැන්නේ ක්‍රිස්ගේ අත් දෙක මැද්දට. ක්‍රිස්ටියන් ලියාම්ව තද කරලා එයාගේ පපුවට තුරුල් කරගත්තා. ක්‍රිස්ටියන් එයාගේ පවුලෙන් ඉතුරු වෙලා ඉන්න එකම වස්තුව තමයි ලියාම්. ලියාම්ගේ පිටිපස්සේ හිටිය ශෙන්ග් ලියාම් විදිහටම උඩ පැන පැන ගිහින් අයිවන්ට තුරුල් වෙද්දි අයිවන් ලාවට ශෙන්ගේ ඔළුවට කිස් එකක් දුන්නා.
"..ගිහින් නිදාගන්නකෝ දැන් දෙන්නම.."
ගුඩ් නයිට් කියලා දෙන්නව එයාලගේ බෙඩ් රූම්ස් වලට යැව්වට පස්සේ කොල්ලෝ ටික එකතු වුනේ ක්‍රිස්ටියන්ගේ ඔෆිස් රූම් එකට.
ඒත් කාටවත් කතා කරන්න ඕන මොනාද..? හොයාගන්න ඕන මොනාද..? කියලවත් අදහසක් තිබ්බේ නෑ. අඩුම කියන්නවත් මෙලෝ දෙයක් තිබ්බේ නෑ."..මට තියන ප්‍රශ්නේ උන් දෙන්නා මමා කැටීගේ මායා ආරක්ෂාවල් පහුකරගෙන කොහොමද ජංගල් එක ඇතුලට ආවේ කියන එක.."
එලොන්ව ලගට අරන් ඔඩොක්කුවෙන් ඉන්දවගන්න ගමන් ක්‍රිස්ටියන් ඇහුවත් කට්ටියටම කියන්න දේවල් මුකුත් තිබ්බේ නෑ. ක්‍රිස්ටියන්ට එලොන්ගෙන් එන රෙඩ් වයින් මික්ස් බ්ලඩ් මේට් ස්මෙල් එකට එලොන්ව බදාගෙන ඉඹින්නමයි හිතෙන්නේ.
'මෙච්චර වැදගත් කතාවක් අස්සේ එයාට හිතෙන දේවල්'"..ඒවා මට අවුලකුත් නෑනේ ක්‍රිස්.."
එලොන් කිව්වේ ක්‍රිස්ටියන්ගේ මූණ දිහා බලන්න බෙල්ල නුහුරට හරවන්න හදන ගමන්.
"..බෙල්ල කඩාගන්නද යන්නේ...?"
'එයාට කියන්න එපා එයා හුස්ම ගන්නවා කියලා'
සිනෙන්ගේ කටහඬ මයින්ඩ් ලින්ක් එකෙන් එද්දි ඒ කියපු එකට ක්‍රිස්ටියන් ගැස්සුනා.
'හුස්ම ගන්නවා'
ඊළඟට ඇහුනේ ක්‍රේන්ගේ කටහඬ.
'මොකක්?'
එහෙම අහන ගමන් ක්‍රිස්ටියන්ගේ එයාගේ අත එලොන්ට නොතේරෙන්න අරන් ගියේ එලොන්ගේ පපුව ලගට. එලොන්ගේ හාට්බීට් එක ක්‍රිස්ටියන්ගේ අතට ලාවට දැනෙද්දි එයාට මුකුත්ම හිතාගන්න බැරිවුණා. එහෙම වෙන්නේ කොහොමද කියලා දැනගන්න සිනෙන්ට ආයේ කතා කරන්න හැදුවත් සිනෙන්ගෙන් කිසිම උත්තරයක් රෙස්පොන්ඩ් එකක් තිබ්බේ නෑ.
YOU ARE READING
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ [SUPERNATURAL SERIES]
Werewolf[BOOK ONE] [COMPLETED] [HAPPY ENDING] 𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐲𝐨𝐮 𝐰𝐢𝐥𝐥 𝐋𝗼𝐯𝐞 𝐦𝐚𝐧𝐲 𝐭𝐢𝗺𝐞𝐬.. 𝐁𝐮𝐭 𝗼𝐧𝐞 𝐋𝗼𝐯𝐞 𝐰𝐢𝐥𝐥 𝐛𝐮𝐫𝐧 𝐲𝗼𝐮𝐫 𝐒𝗼𝐮𝐥 𝐅𝗼𝐫𝐞𝐯𝐞𝐫 ! 🩸 - 𝐓𝐡𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝐨𝐟 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐢𝐚𝐧 𝐀𝐧𝐝 𝐀...