𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 14

870 110 4
                                    


- Christian and Aelon -

"..ක්.. ක්‍රිස්.."

එලොන්ට කියවුනේ එයා⁣ගේ ඇදේ වාඩි වෙලා ඉන්න ඇල්ෆාව දැකලා. ක්‍රිස්ටියන් එලොන්ගේ ඇඳේ ඉඳගෙන එයාගේ එහාපැත්තට තට්ටුවක් දැම්මේ එලොන්ට එතනින් ඇවිත් වාඩිවෙන්න කියලා.
එලොන් ඇදන් හිටිය ටවල් එක පිටින්ම ගිහින් ක්‍රිස්ටියන්ගේ එහාපැත්තෙන් වාඩිවුනා. හැබැයි ඒ වාඩිවෙලා තත්පරයක් යන්න කලින් ක්‍රිස්ටියන් එලොන්ව තද කරලා තුරුල් කරගත්තා.

"..ක්‍රිස්..

සද්දයක් නැතුව එයාව තුරුල් කරන් ඉන්න ක්‍රිස්ටියන්ට එලොන් ආයේ කතා කරේ ක්‍රිස්ටියන් මෙහෙම අමුතු විදිහට හැසිරෙන්නේ ඇයි කියලා කල්පනා කරනගමන්.

"..ම්ම්ම්.."

"..ඇයි මේ..?"

එලොන් ඇහුව ප්‍රශ්නෙට ක්‍රිස්ටියන් කරේ තව ටිකක් එලොන්ව තද කරලා තුරුල් කරගත්ත එක. කතා බහක් නැතුව දෙන්නම ඇඳේ තුරුල් වෙලා ඉද්දි ටික වෙලාවකින් ක්‍රිස්ටියන්ගේ පපුව උඩම එලොන්ට නින්ද ගිහින් තිබ්බා.

එලොන්ව ඇඳෙන් තියලා ක්‍රිස්ටියන් එලොන්ගේ මූණ දිහා ටිකක් වෙලා බලන් හිටියා. ක්‍රිස්ටියන්ගේ මූණේ තිබ්බේ ලා හිනාවක්. ඒ හිනාව ඇතුලෙන් ක්‍රිස්ටියන්ගේ හිතේ තිබ්බ සැනසීම පෙණුනා. එයාගේ මේට් එයාගේ ලග ඉන්නවා දැන්.
⁣ඒත් ක්‍රිස්ටියන්ගේ මූණ වෙනස් වුනේ එකපාරටම. එයා එකපාරටම දැක්ක දේ විශ්වාස කරන්න බැලුව ගල් වෙලා එලොන් දිහා බලන් හිටියා. එලොන්ගේ පපුව ලාවට ඉහල පහල යනවා.
'මොනහ්!?'
ඊටපස්සේ ක්‍රිස්ටියන් එයාගේ අත එලොන්ගේ නහයට තියලා බැලුවා. එලොන් හුස්ම ගන්නවද නැද්ද කියලා ක්‍රිස්ටියන්ට හිතාගන්න බෑ.
ඒත්..
ඒත්..
එලොන්ගේ නහය ගාවට අත තියන් හිටිය ක්‍රිස්ටියන් ආපහු ගැස්සුනා. ක්‍රිස්ටියන්ගේ අතට දැනෙන නොදැනෙන ගාණට ලාවට ටිකක් තද සීතලට එලොන්ගේ හුස්ම වදිනවා. ක්‍රිස්ටියන්ගේ පපුවත් එක්ක ගැහෙන්න ගද්දි එයා ආපහු පාරක් එලොන්ගේ නහය ගාවට ඇඟිල්ලක් තියලා බැලුවා. එයාට දැනෙන දේ හරි..

ක්‍රිස්ටියන්ට ආවේ ලොකු ප්‍රශ්නයක්..
වැම්පයර් කෙනෙක් කොහොමද හුස්ම ගන්නේ..?

𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️     [SUPERNATURAL SERIES]Where stories live. Discover now