🌈Chapter 1

460 65 59
                                    


'අහ් කකුල් දෙකත් රිදෙනවා..මේකනම් මහ කරුමයක් අප්පා... තව කොච්චර දුර දුවන්න වෙයිද දන්නැ....'

'මොකද මේ මග නැවතිලා තව දුවන්න..කෝ නැගිටින්න....ෆාස්ට්..ඔයාගෙ බොඩි ශේප් එක තව හොදට මේයින් ටේන් කරගන්න ඕනි'

'මටවත් නැති අමාරුවක්නේ මෙයාට තියෙන්නේ...අහ්...අනේ බැ...ඔප්පා'

'ජෙනී හරි අප්'

ජන්කුක් ජෙනීගෙ ඔලුවට ටොක්කක් ඇනලා ආයෙම දුවන්න ගත්තා. ජෙනී වංගුවෙන් වංගුවට නැවතිලා හති ඇරියා.

'ඔහ් ඔහොම කරලා බැ ලමයෝ....'

'ලමයෝ මං ඔයාගෙ ලමයද?..ආහ් නැත්තම් ගෝලයෙක්ද?'

'කැමති එකක් හිතාගන්න ..මෝඩි...කමොන් '

පැය 2ක දිවිල්ලක් දුවලා ජෙනී ජන්කුක් එක්ක ඩොර්ම් එකට ආවා. හති ඇර ඇර වතුර බොන ජෙනී දිහා බලාගෙන හිටපු කුකී හයියෙන් හිනා උනා.

'මොකද ආ'

'නැ ....නිකන්'

'ආ ඔප්පා ඔයාගෙ ඔය කැත හිනාව මට අල්ලන්නෙ නැ'

'ඉතින් අල්ලන්න එපා....කෝ එන්න' කුකී ජෙනී දිහාවට අත දික කරා.

'හ්ම්ම් ඇයි'ජෙනී කුකී ගාවට ඇවිත් එයාගෙ ඔඩොක්කුවෙන් වාඩි උනා. කුකී ජෙනීගෙ ඔලුව අතගාන ගමන් එයාගෙ දේශනාව පටන්ගත්තා.

'සුදු සුදු මේ අහන්න..

ඔයා හොදට ඉගෙනගන්න

ලේඩි ඩොක්ටර් කෙනෙක් වෙන්න..

මං එන්නම් බෙහෙත් ගන්න..'


'විහිලු එපා කෙලින්ම කතාව කියන්න. මෝඩ හාවා'

'හරි හරි. ඔයා හොදට ප්‍රැක්ටිස් කරන්න ඕනි තේරුනාද?ආ'

ජෙනී ඔලුව දෙපැත්තට වනලා ඔව් කිව්වා.

'අහගන්නවා හොදට මෝඩි...ඔඩිශන්ස් 21 හවස තියෙනවා....ඇහුනද'

'ඕ ඕ'

'තව දවස් හරියටම 4යි... ඔයා තඩි චෙරි ගෙඩියක් වගේ ඔහේ හිටියොත් අපිව එහෙන් එලියට දායි'

'මාව අවතක්සේරු කරනවද හාවෝ..ආ'

'නැ නොසලකා හරිනවා..' ජෙනී කුකීගෙ ඔඩෙක්කුවෙන් බැහැලා මියුසික් ඔන් කරා.

'හරි 1 2 3 ...කෝ ස්ටෙප් එක ගන්න.....ආ..ඔය කකුල නෙවේ වම් කකුල....කෝ ශිට් ජෙන්ඩුකී..ෆාස්ට් ලමයො'

'මං ට්‍රයි කරනවා පේනවනේ....ඔයා හරියට කතාකරන්නෙ මට නටන්න බැ වගේනේ'

'නටන්න බැරි එකාට පොලොව ඇදැයිලු' කුකී හිනා වෙවී ඇවිත් ජෙනීගෙ අතින් අල්ලගත්තා.

'අත මෙහෙම උඩට යන්න ඕනි'

'ඔහ් මට ඒක අමතක වෙනවා....කුකියෝ ඉන්න මං තනියම කරලා පෙන්නන්නම්'

'හ්ම්ම් මං වොශ් එකක් දාගෙන එන්නම්කෝ....'

'හා...හා හරි හාවා'

'සයිකෝ..ඔයාට'

'මට සයිකො නම් ඔයාට කියන්න වෙන හොද නමක් හොයාගන්න වෙයි මිස්ටර් ජියොන් ජන්ග්කුක්'


'ගහනවා මං දැන් දෙකක්....මෝඩි'

'ගහයි කියලා තමයි බය.....දුශ්ට හාවා...ඒ මේ හෙට ස්ට්‍රීට් එකට යනවද?'

'ඔව්..ඔයා එනවනේ...හ්හ්'

'එන්නම වෙනවනේ..නැත්තන් මේ හාවට හතරවටේම ඉන්න කෙල්ලන්ගෙ බැල්ම වැටෙයි ...මං එපැයි ඒවත් බලාගන්න'

'ඔහ් මැඩම් මට හරි ආදරෙයි නේ..කොච්චරක් ආදරෙයිද?'කුකී කම්බුල් රතු කරගෙන ඇහුවා.

'මගේ කකුලයි පොලවයි ගැටෙන තැන තරං මං ආදරෙයි'

'අනියෝ එච්චරද?..මං හිතුවෙ අහස තරං කියලා' කුකී මූන එකසිය ගානට ඇබුල් කරලා බිම බලාගත්තා.

'හිතලා බලන්නම්කෝ'

'හාකෝ...එහෙනම් ප්‍රැක්ටිස් කරන්න..කෝ 1 2 3'

කුකී තමන්ටම හිනා වෙවී ඩොර්ම් එකෙන් එලියට ගියේ ජෙනීට ප්‍රැක්ටිස් වලට ස්ටර්ට් එක දීලා. ජෙනී කොච්චර ප්‍රැක්ටිස් වලට අවදානෙ ගන්න ගත්තත් එයාගෙ හිත තිබ්බෙ ඇදේ.ඔව් මේ වෙලාවෙ ජෙනීට හිතුනෙ එයාගෙ ඇද බදාගෙන නිදා ගන්න.ඒත් කුකීට අහුවුනොත් ඉන්න හම්බවෙන්නෙ නැති නිසා එයා දිගටම ප්‍රැක්ටිස් කරා.

♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔Where stories live. Discover now