🌈Chapter 3

162 44 57
                                    


'අහ්' කුකී ටිකක් කල්පනා කර කර ඉදලා කතාකරා.

'මෙහෙමයි මං මෙහෙ කාටවත් උගන්නන්නෙ නැ...ම්ම්ම්'

'ඒත් අර ඔයත් එක්ක නටන ගර්ල්..එයා ඔයාගෙ ස්ටුඩන්ට් කෙනෙක් නේද?' කුකී නලල රැලි කරලා ජෙනීගෙ රූම් එක දිහා බැලුවා.

'ම්ම් එයා මගෙ ස්ටුඩන්ට් කෙනෙක් නෙවේ එයා මගෙ නන්ගි. ජෙනී...'

'ඔහ්..අනේ බැ කියන්න එපා ඔප්පා. එක සතියක්, අඩුම තරමෙ එක දවසක්වත් අනේ මට ගොඩක් ආසයි.....ප්ලිස්'

'හරි ඔයා හෙට උදේම ස්ට්‍රිට් එක පැත්තෙ උඩ පාරෙ තියෙන මගෙ ඩාන්සින්ග් රුම් එකට එන්නකෝ..මට ඔයාගෙ ඩන්සින්ග් ස්කිල්ස් බලන්න ඕනි.'

'හරි මං හෙට උදෙම එන්නම්....'

'මේ කවුද මගෙ නම්බර් එක දුන්නේ..ඔයාට'

'ජිමින් ඔප්පා....එයා මගෙ යාලුවෙක්'

'ඔහ් හරි හෙට එන්නකෝ..සී යූ'

කුකී කෝල් එක කට් කරලා කෙලින්ම ජෙනීගෙ රූම් එකට ගියා. ජෙනී සැප නින්දක.කුකී හිමීට ඇදේ අයිනෙන් වාඩි වෙලා ජෙනීගෙ ඔලුව අත ගැවා.

'ජෙන්ඩුකී ඔයා නිදිද?' ජෙනීගෙන් කිසිම ආන්සර් එකක් ආවෙ නැති නිසා කුකී එතනින් නැගිටලා ගියා.

'අනේ දෙයියනේ මේ අම්මන්ඩි මගෙ ඔලුව කයිද දන්නෙ නැ.තව මං බොරුත් කිව්වා. ' කුකීට මැවිලා පෙනුනෙ ජෙනී ලිසාව පිලිගන්න විදිහ.

'මාව කැවෙ නැත්තන් හොදයි.දෙයියොත් මට සෙට් කරන්නෙ මාර පරාල ඇණ තමා.'

---------------------------------------------------------------------------------------------------------------------------

කලින්ම නිදා ගත්ත නිසා ජෙනීට කලින්ම ඇහැරුනා.ඇනුන් ඇර ඇර ගිහින් දොර ඇරලා පාර දිහා බලාගෙන හිටියෙ එයාගෙ ප්‍රේම කුරුල්ලා ආවද බලන්න.

'කෝ මෙයා අද නැනේ' ජෙනී ගේ පැත්තට හැරිලා යන්න හදනකොටම එයාගෙ ඔලුවට කොලයක් වැදුනා.

'ඕ ශිට් මොකක්ද' ජෙනී කොලේ දිග ඇරලා බැලුවා.

'උදේ සුපිපුනු මලක් වැනි ඔබගේ වත කමල මාගෙ නිදි මැරූ ඇස් ප්‍රාණවත් කර ජවයක් ලබා දෙයි....ඒ ජවය මුලු දවසම සුන්දර කරයි'

'මොකක්ද ඔය' කුකී ජෙනීගෙ අතින් චිට් එක ගත්තා.

'මගෙ ප්‍රේමවන්තයාගෙන් පෙම් හසුනක් ඇවිත්'

'කෝ බලමු ..මුට ලැජ්ජාවක් නැති හැටි හැලපයා'

'ඒයි එහෙම කියන්න එපා..මොනවා උනත් මට පන ඇරලා ආදරෙයි'

'ආදරෙයි තමයි....රෙද්ද..මං ඕකට හොද දෙකක් අනිනවා දවසක'

'ඇන්නොත් බලාගමු' ජෙනී හොරෙන් හැංගිලා බලාගෙන හිටපු නම්ජුන් ට ඇහැක් ගහලා ඇතුලට ගියා.

'මොනවා උනත් එයාගෙ කවි නම් මෙලෝ රහක් නැ' ජෙනීත් හිනා වෙලා ඒකට එකග උනා.

ජෙනී කුකී එක්ක ඩොර්ම් එකේ ජීවත් වෙන්න පටන්ගත්ත දවසෙ ඉදන් නම්ජුන් ජෙනී ගැන උනන්දුවෙන් හිටියෙ.ටික කාලයක් යනකොට නම්ජුන් ජෙනීට පෙම් හසුන් එවන්නත් ගත්තා.ඒත් කුකීට නම් නම්ජුන්ව පේන්න බැ.

----------------------------------------------------------------------------------------------------------------------

කුකී දොර ලගට වෙලා එහෙට මෙහෙට ඇවිද්දා. කුකී බලාගෙන හිටියෙ ලීසා එන්නකන්.ජෙනී කුකී දිහා ටිකක් සැකෙන් බලාගෙන ඉදලා කැම ලැස්ති කරන්න ගත්තා.

'මොකාටද මෙයා මේ එන්නෙ...කුක්කෝ මොකෝ'

'ම්ම් නැ මේ කෙනෙක් එනවා කිව්වා.'

'මේ ඔයා මගෙ නම්ජුන් ඔප්පට ගල් ගහන්න නෙවේනෙ ඔය කුරුමානන් අල්ලන්නෙ?'

'පිස්සුද ජෙන්ඩුකී..මට අලුතින් ස්ටුඩන්ට් කෙනෙක් හම්බුනා.එයාට මගෙන් ඉගෙනගන්න ඕනිලු..ඊයෙ කතා කරේ'

'පොඩි ලමයෙක්ද?'

'නැ තරුන ගැනු ලමයෙක් වෙන්න ඕනි..නම මේ..ම්ම් ලිසා'

'ආ දැන් ඔයා ගැනු ලමයින්ටත් උගන්නන්න පටන්ගත්තද?'

'ඇයි දැන් ඔයා කෙල්ලෙක් නෙවේද?'

'නැ...මං කොල්ලෙක්'

'හ්හ්හ්...මේ එයා ඉස්සරහා හරියට හැසිරෙන්න හොදේ..තව දෙයක් මං එයාට කිව්වා ඔයා මගෙ නංගි කියලා..හී'

'නංගි??' ජෙනී කුකීගෙ ඇස් වලට එබිලා රැව්වා.

'ඕව්ව්'

'ඇයි ඒ'

'නිකන්..ඔයා මගෙ නංගි වගේනේ ඉතින්..නේ'

ජෙනී ගස්සගෙන කැම මේසෙ ගාවට ගියා. කුකී ස්ට්‍රිට් එක පැත්ත බල බල පැය බාගයක් විතර හිටියා.

------------------------------------------------------------------------------------

අදට මෙච්චරයි..හී ලබන සතියෙ ඉතුරු ටික දෙන්නම්කෝ..සරන්හේ බායි😁🤎💜

♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔Donde viven las historias. Descúbrelo ahora