'සැම් මෙන්න මේ කෙල්ලව තදකරලා අල්ලගන්නවා..ගැලවෙන්න දෙන්න එපා' කුකියි ටේයි කතාකරන අතර ලීසා ජෙනීව ඇදලා එයාගෙ මැරයෙක් ගාවට තල්ලු කරා.
'ඔ..ප්පා'
'ජෙන්ඩුකී!' කුකී ටේයි එක පාරටම කැගැහුවා.ලීසගෙ හැංගිච්ච කැත මනුස්සයා ටික ටික එලියට එන්න ගත්තෙ ඒ වෙලාවෙ. මැරයා ජෙනීගෙ ඔලුවට තුවක්කුවක් දික් කරගෙන පස්සට ගියා.
'අහනවා මට වැඩි වෙලාවක් නැ..මගෙ සල්ලි ටික දෙනවා ඊට පස්සෙ මං යන්නම්.....අයියෙ දෙනවා නේද මගෙ සල්ලි'
'සල්ලි..තමුසෙ වගෙ එකියක්ට එච්චර සල්ලි දෙන්න මට කොහෙවත් අමාරුවක් නැ..තේරුනාද?'
'සැම්....ඕකිව එක උන්ඩෙකින් ඉවර කරලා දාන්න' ලීසා ඒ මිනිහට ඇගිල්ලක් දිග් කරලා කිව්වා.
'ඔකෙ මැඩම්'
'ඒයි ජෙන්ඩුකීට මුකුත් කරන්න එපා...මං තමුසෙව මරනවා'
'නිකන් බොරුවටනෙ කාලෙ කන්නේ ආ....ඔය අතේ තියෙන සල්ලි බැග් එක මට දෙනවා...ඔහෙලගෙ අප්පා පරම්පරා ගානකට හරියන්න හම්බකරලනෙ තියෙන්නෙ...හිතුවද මං දන්නැ කියලා..'
'මොකක්ද?'
'ඕවා මටත් අයිති වෙන්න ඕනි දෙනවා..'
'මුලින්ම ජෙන්ඩුකීව එවනවා' ඒ වෙලාවෙ කුකියි ටේයි දෙන්නම හිටියෙ යකා ආවේස කරගෙන.ජෙන්ඩුකී අවසිහියෙන් වෙන දේවල් බලාගෙන හිටියා.
'මේක ෆිල්ම් එකක් නෙවේ මගෙ අයියෙ....නංගිට කියලා ආදරයක් නැද්ද?මුලින්ම අයියෙක්ගෙ යුතුකම් ඉශ්ට කරන්නකෝ..කෝ දෙන්න'
'ආදරේ බම්බුව' ටේ කුකීගෙ කනට කරලා මොනවදෝ කිව්වා.කුකී ටේට ඔලුව වනලා ලීසා ඉස්සරහින් හිටගත්තා.
'ඔහ් අයියයි මල්ලියි මොනවද ප්ලැන් කරන්නේ....මාව මරන්නද?'
'අපි ඒ තරම් පවුකාරයෝ නෙවේ නේද ටේ'
'කොහොමත් අපි වැඩකට නැති දේවල් පස්සෙ පන්නන් නැනෙ' අයියයි මල්ලියි තරගෙට හිනා වෙවී ලීසාගෙ අතට බැග් එක දුන්නා.
'දැන් ජෙන්ඩුකීව' කුකී මැරයා ගාවට ගිහින් ජෙනීව අරගන්න හැදුවට ඒ මිනිහා ජෙනීව කුකීට දුන්නෙ නැ.කුකිට එයාගෙ තරහ පාලනය කරගන්න අමාරුයි.කුකී ලග තිබ්බ බිත්තියට හයියෙන් එකක් ගැහුවා.
'ලීසා...උබ මහ තිරිසන් ගැනියක්......දීපන් ජෙන්ඩුකීව'
'අපි මුලින්ම සල්ලි ගැනලා බලමුද?'
'මෙච්චර ලොකු ගානක් දැන් ගැන ගැන ඉන්න වෙලාවක් නැනේ' ටේ එකපාරටම ඒ මිනිහගෙ අතින් ජෙනීව ඇදලා ගත්තා.ජෙනී කලන්තෙ දාන්න ඔන්න මෙන්න.
'වංචාකාරයා.....මේ බොරු සල්ලිනේ....මාව රවට්ටන්නද හැදුවෙ ...ඒවා කොහෙද මේ ලීසත් එක්ක' ලීසා මැරයා ගාව තිබ්බ තුවක්කුව අරගෙන ජෙනී ඉන්න පැත්තට දික් කරා.
'ඒයි..' කුකී ලීසව නවත්තන්න හැදුවත් අර මිනිහා කුකීගෙ පිටට ලොකු පොල්ලකින් ගැහුවා. ටේ ජෙනීව පිටිපස්සට කරලා අල්ලගත්තා.
'උබ මහ තිරිසනෙක්.....මොනවද උබ මේවා කරලා බලාපොරොත්තු වෙන්නෙ...අප්පලගෙ වැරදිවලට අපි පලිද....මේ කෙල්ල පලිද'
'මට ඒවගෙන් වැඩක් නැ ටේහ්‍යුන්ග්.....මට මගෙ සල්ලි ටික දෙනවා'
'උබට දෙන්න සල්ලියක් නැ' කුකී අමාරුවෙන් නැගිටලා අර මිනිහට දෙක තුනක් ගැහුවත් ඒ මිනිහා කුකීගෙ යටි බඩට ගහපු පාරට කුකී ගිහින් විසි වෙලා වැටුනා.
'ඔප්පා..' ලීසා ජෙනීව ඒම් කරලා වෙඩි තියන්න හදනකොටම ටේ තුවක්කුව ඉස්සරහින් අල්ලගත්තා.ලීසා කොච්චර ඇද්දත් ටේ තුවක්කුව අතඇරියෙ නැ.
'අතාරිනවා..කොහෙවත් යන කෙල්ලෙක් නිසා මැරෙන්නද හදන්නේ..අයින් වෙනවා'
'මං මැරුනට මට කිසිම ප්‍රශ්නයක් නැ..ඒත් තව ටිකකින් තමුන්ටත් මගෙත් එක්ක අවසන් ගමන් යන්න වෙයි' ලීසාගෙ තුවක්කුවෙ උන්ඩෙ ගිහින් නැවතුනෙ ටේගෙ පපුවෙ. ඒක ලීසා හිතලා කරේ නැතත් ලීසට තිබ්බ මානසිකත්වයට එයාට එහෙම කරන්න සිද්ද උනා.
'ඔප්පා...අනේ ' ටේ එහෙම්මම බිම වැටෙනවත් එක්කම ජෙනී කැගැහුවා.
________________________________________________
🙏😪😁
YOU ARE READING
♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔
Fanfiction'ටේ ඔප්පට වෙඩි වැදෙනවත් එක්කම මට කැගැහුනා...මට මතක එච්චරයි....මං ගාව හිටිය මගෙ කුකී ඔප්පා මං ඇස් අරිනකොට මං ලග හිටියෙ නැ.....හැමදේම එහෙම්මම ඉවර උනා .....ඔප්පා ඔයා කොහෙද ඉන්නෙ...අනේ ජෙන්ඩුකීට පාලුයි ඔප්පා..මාව බලන්න තව එක පාරක් එන්න...මං බලාගෙන ඉන්නව...