🌈chapter 7

103 33 27
                                    


කාලයත් එක්ක ලීසත් ජෙනීයි කුකියි අතර කොටස්කාරියක් උනා.ලීසා කුකීට හොදටම ලං වෙලයි හිටියෙ. ජෙනී හැම දේම අමතක කරලා කම්පිටිශන් එකට මහන්සි උනා.

'ඔහ්...අනේ මේ ඔප්පා කොල් ආන්සර් කරන්නෙ නැත්තෙ ඇයි....' දහවතාවක් විතර උත්සහාකරලා ජෙනී තනියම එන්න හිතුවා. එයාට මතක් උනේ ඉස්සර කුකී එයාට කියපු දේවල්.

'ජෙන්ඩු මේ අහන්න...ඔයා කොයිම වෙලේවත් තනියම එහෙ මෙහෙ යන්න එපා..හ්ම්ම්..දන්නවනෙ දැන් මිනිස්සුන්ගෙ හැටි...'

'ම්ම්ම් හරි හරි එහෙනම් ඉතින් මට බොඩි ගාර්ඩ් කෙනෙක් හොයාගන්න වෙයි...'

'ඇයි මං ඉන්නේ'

'ඔයාට හැම තිස්සෙම මාත් එක්ක ඉන්න බැනෙ'

'මොකද බැරි..ආ මං හැමදාම ඔයත් එක්ක තමයි ඉන්නේ..තේරුනාද?'

'ම්ම්...හලි මගෙ හාවො...'

ඔප්පා ඉස්සර මං ගැන හොයලා බැලුවත් දැන් එහෙම නැ.එහෙම කියපු ඔයා අද වෙනස් වෙලා ඔප්පා...කමක් නැ. ඇත්තටම හැමදාම ඔයාට මාත් එක්ක ඉන්න බැනේ.

'ආ නංගී.කොහෙද මේ යන්නෙ...ආ' ජෙනී හොද සිහියට එනකොට එයාගෙ ඉස්සරහා හිටියෙ කුඩු කාරයෝ ටිකක්. ඒත් එයාලව ගනන් නොගෙන යන්න ජෙනී හිතුවා.

'මල විකාර'

'පොඩ්ඩක් ඉන්න....කෝ...බලපංකෝ...මේකිගෙ ලස්සන...හපලා කන්න හිතෙනවා'

( A/N -සාගතේට අහුවෙච්ච රැලක් මයෙ හිතේ😒)

එක මිනිහෙක් ජෙනීගෙ අතින් අල්ලගත්තා.ජෙනී ඒ මිනිහගෙ අත හපලා දිව්වා.

'ඒයි.....තිරිසනි...' ජෙනී පස්සනොබලම කෙලින්ම ඩොර්ම් එකට දිව්වෙ රේස් එකට.

'අම්මො...තව ටිකකින් මං ඉවරයි...මහ අසහනකාරයෝ...'

ඩෝර්ම් එක ඇතුලින් සද්දයක් ආව නිසා ජෙනී පොඩ්ඩක් ඒ පැත්තට ඔලුව දාලා ඇවිද්දා. ජෙනී දැක්ක දෙයින් එයාගෙ ඇස් උඩ ගියා. කුකීයි ලීසයි ගොඩක් ලං වෙලා ඩාන්ස් කරනවා. අඩුම තරමෙ ජෙනීවට් කුකීට එච්චර ලං වෙලා නැ.

'ඔ..ප්පා..'

කුකී ජෙනීගෙ කටහඩට බය වෙලා හැරුනා.

♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔Where stories live. Discover now