කෝමද ලමයි😊
මාව මතකද දන්නෙ නැ..හලි කමක් නැ..එක්කෙනෙක්ට හරි තාම කතාව මතක ඇතිනෙ😥නේද? මේක අවසන් කරන්න මට ඕනි.මං ඒක කරන්නයි යන්නෙ..එහෙනම් බලමු🙂
____________________________________________________________________
'මේ ලොකෙ අමාරුම දේ තමයි හැගීම් හංගගෙන ජීවත් වෙන එක...අපි හැමෝම එහෙම කරනවා සමහරක් වෙලාවට...එහෙම නේද?' ජෙනී පුටුවට බර වෙලා ඒ මතක මතක් කරේ උගුර ලේ රහ දැනෙනකන් අමාරු වෙද්දි.
'ඒත් මං හිතන්නෙ නැ හැමෝම එහෙමයි කියලා...මැම් '
'ඔව් වෙන්න පුලුවන්..ඒත් සීයට 98ක්ම මිනිස්සු එහෙමයි...' මේසෙ තියෙන කොලේ බොදවෙලා පෙනෙනකොටයි ජෙනීට තේරුනේ එයා කොයිතරම් වයසට ගිහිල්ලද කියලා. ඒ කාලෙ එයාලගෙ ජිවිතෙන් යන්නම ගියා...මොනතරම් මිහිරි මතකයන් ගොඩක්ද?
'මැඩම් ඔයාට කෝල් එකක්...ආ ගෙදරින්ද කොහෙද?' ජෙනී ෆෝන් එකත් අරගෙන ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවෙ ඇස් වල කදුලු පිහදාගන්න ගමන්.
'හෙ..හෙලෝ..කියන්න...ආ මට කොහොමද අමතක වෙන්නෙ...අද අපේ පුතාගෙ ජීවිතේ විශේශම දවසක්නේ...මං එන්නම්'
'ඔයා එන්න එපා..මං ඔයාව ගන්න එන්නම් ජෙනී'
'හා' ජෙනී මේ ගෙව්ව අවුරුදු 30 පුරාවටම එයාට එයා කැමති නමෙන් කතා කරන්න කෙනෙක් හිටියෙ නැ. 'ජෙන්ඩුකී' කියන නම එදාම වැලලුනා. කිම් ටේහ්‍යුන්ගෙ මරනය ජෙන්ඩුකීට දරා ගන්න බැරි උනා. ලීසා සදහටම එයාගෙ ජීවිතෙන් වන්දි ගෙව්වෙ තමන්ගෙ ලොකු අයියව මරාගත්ත නිසා....ඒත් ජියෝන් ජන්ග්කුක්ට වෙච්ච දෙයක් නැ....ඒක අදටත් අබිරහසක් විතරයි. එයා කොහෙද ඉන්නෙ කියලවත් කවුරුත් දන්නෙ නැ. ඒත් හැමෝම එක දෙයක් දන්නවා ඒ,ජියෝන් ජන්ග්කුක් වගේම කිම් ටේහ්‍යුන්ග් කියන දෙන්නම ජෙන්ඩුකීට පන ඇරලා ආදරේ කරා. ඒත් ඒ ප්‍රශ්න ගොඩේ ගිලුනු අහිංසකී අන්තිමේට නැවතුනේ ඔහේ පරවෙච්ච මලක් වෙලා.
'ජෙනී..'
'ආ කායි...ඔයා ආවත් එක්කද??අපි පරක්කුද දන්නෙ නැ..'
'නැ යොන්ජුන් මට කෝල් කලා....මොකෝ මේ දොස්තර නෝනා මූන දෙක කරගෙන' කායි ජෙනීගෙ මූනට එබුනේ ඒ මැලවිලා තිබුන ඇස් වල කදුලු පිහින ගමන්.
'ම්ම් නැ...අපි යමු'
යුනිවර්සිටි එක පුරාම ලමයි හිනා වෙවී කැගහනවා....සමහරක් අය එයාලගෙම ලෝක වල තනි වෙලා.
'ආ අර ඉන්නෙ අපේ මැන්' කායි දුවලා ගිහින් යොන්ජුන්ව බදාගත්තා.
'ඔයා එයා වගේමයි' ජෙනී තොල් අතර මුමුන මුමුන යොන්ජුන් දිහා බලලා හිනා වුනා. ඒ ඇස් දෙක ඒ හිනාව කුකීගෙ වගේමයි.මොහොතකට ජෙනීගෙ කකුල් එක තැන නතර උනේ ඒ ලස්සන මොහොතවල් එක දිගට මනසෙ මැවි මැවි යද්දි.
'ඔම්මා...යමු...එන්නකෝ'
'ආ මං එන්නම් මං හිතන්නෙ මං ෆෝන් එක කා එකේ දාලා ඇවිත්..මං එන්නම් ඔයාලා යන්න..'
'හරි ඉක්මනට එන්න'
ජෙනී එතන තිබ්බ බෙන්ච් එකේ එහෙම්මම ඉදගත්තා....
'ටේ ඔප්පට වෙඩි වැදෙනවත් එක්කම මට කැගැහුනා...මට මතක එච්චරයි....මං ගාව හිටිය මගෙ කුකී ඔප්පා මං ඇස් අරිනකොට මං ලග හිටියෙ නැ.....හැමදේම එහෙම්මම ඉවර උනා .....ඔප්පා ඔයා කොහෙද ඉන්නෙ...අනේ ජෙන්ඩුකීට පාලුයි ඔප්පා..මාව බලන්න තව එක පාරක් එන්න...මං බලාගෙන ඉන්නවා..'
_සමාප්තයි_
සමහරක් කතා ඉවර උනේ එහෙම තමයි.මේ ලෝකෙ මේ වගේ කී දාහක්නම් බලාගෙන ඇතිද නේද?
ටේ වගේම කුකිත් ජෙන්ඩුකීව දාලා යන්නම ගියා..කුකීට මොකද උනේ කියලා කවුරුත් දන්නෙ නැ😌(ඒක තමා කතාවෙ රහස)
ඒත් කුකී යොන්ජුන්ව ජෙන්ඩුකීට දීලයි ගියෙ..මොනතරම් දේවල් වෙනස් උනාද? කැමති අය කැමති දේවල් තමන්ගෙන් වෙන් වෙලා යද්දි තමන් ආස නොකරන දේවල් බලෙන්ම ලං කරගන්න වෙනවා.ඒත් අපි ප්‍රාර්තනා කරමු මෙහෙම කාටවත් වෙන්න එපා කියලා.
මෙච්චර කල් කතාව එක්ක හිටපු අයට ගොඩාක් තැන්ක්‍යූ🙏🥺....එහෙනම් ජෙන්ඩුකීව දැන් අමතක කරලා දාන්න!
YOU ARE READING
♡__𝙎𝙩𝙧𝙚𝙚𝙩 𝘿𝙖𝙣𝙘𝙚𝙧__♡ 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✔
Fanfiction'ටේ ඔප්පට වෙඩි වැදෙනවත් එක්කම මට කැගැහුනා...මට මතක එච්චරයි....මං ගාව හිටිය මගෙ කුකී ඔප්පා මං ඇස් අරිනකොට මං ලග හිටියෙ නැ.....හැමදේම එහෙම්මම ඉවර උනා .....ඔප්පා ඔයා කොහෙද ඉන්නෙ...අනේ ජෙන්ඩුකීට පාලුයි ඔප්පා..මාව බලන්න තව එක පාරක් එන්න...මං බලාගෙන ඉන්නව...