🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀
ශූටින් ඉවර වෙනකම්ම මම හැමදේම අස් කලා. ජින්ශි ගේ රූම් එක ඇරෙන්න හැමතැනක්ම අස්කලා.
" බියෝල්...නා ක්වෙන්චානා ? මියානේ...🥺 "
ශූටින් ඉවර වුන ගමන් මම ඉදපු තැනට දුවගෙන ආපු ඒහා කිව්වේ මාව බදාගන්න ගමන්.
" යා.....හ් මම කිව්වනේ මම හොදින් කියලා.අනික ඒ ලයිට්ස් උස්සගෙන ඉන්නකොට මගෙ අත කැඩෙන්න එනවා. ඊට වඩා මේක හොදයි "
" ඒ උනාට ඩිරෙක්ටර්නිම්ට වටින්නෑ ඔයාට එහෙම කරන්න. "
" ඩිරෙක්ටර්නිම් කරපු දේ හරි ඒහා. මම එතන ඉන්න ඉන්න වැඩ අවුල් වෙනවා. අනික ජින්ශි වෙලාවට වැඩ කරන කෙනෙක්. එයාගේ කාලෙත් අපතේ යනවා "
" හ්ම්ම්ම්...ඒක නෙමෙයි ඒහා.මොකද කියන්නේ අද අපි රෑට සෝජු පාටියක් දාමුද ?😌 "
" වා....හ් හොද අදහසක්. "
" එහෙනම් මගේ ගානේ අද බියෝල්ට සෝජු පාටියක් "
ඒහා මගේ ඇඟේ එල්ලුනේ කෑගහන ගමන්.ඒත් වැඩි වෙලාවක් අපිට සතුටින් ඉන්න වුනේ නෑ. එකපාරටම ඩිරෙක්ටර්නිම් මට කතා කලා.
" බියෝල් "
" ඩිරෙක්ටර්නිම් ? "
" ජින්ශිගේ රූම් එක අස් කලේ නැත්ද ? "
" අ...අනී.."
" වේ ? "
ඇත්තටම මට ඒ ඇයි කියන්න හේතුවක් තිබුනේ නෑ. සමහරවිට මගේ හිතේ ජින්ශි ගැන තරහක් තිබුන නිසා වෙන්න ඇති කියලා මට හිතුනත් ඒක කියන්න බැරි නිසා මම බොරුවක් ගෙතුවා.
" අහ්...ජින්ශි නැති වෙලාවේ රූම් එකට යන එක හරි නෑනේ ඒකයි "
" යන්න.ගිහින් අස් කරන්න. "
" ඒ..එත් ? "
" ඒත් මේත් නෙමෙයි ගිහින් අස් කරන්න."
" අරස්සෝ අරස්සෝ "
ඩිරෙක්ටර්නිම් කෑ ගහන්න කලින් මම ඒහාටත් ඉඟි කරලා ජින්ශිගේ රූම් එකට දිව්වා. දොරට තට්ටු කරන ගමන් කීප සැරයක් කතා කලත් ජින්ශිගෙන් උත්තරයක් ලැබුනේ නැති නිසා මම දොර ඇරගෙන ඇතුලට ගියේ කුතුහලේකින්.
YOU ARE READING
🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️
Fanfictionගලක් යැයි හංවඩු ගැසූ ඒ පිරිමි පපුව යට අන් කාටත් වඩා ආදරනීය හදවතක් තිබුනි ❤️ " බියෝල් " " වසන්තයේ මුව දොර ඇරී සීත සුලං ගත දැවටුනී වැයෙනා නුඹෙ හද මඩලෙහී තනුවක් වෙන්නම් නුඹ හිමී..." " කවදා කෙලෙසක හිත බැඳී තිබුනිදැයි මම නොදනිමී අහඹුවකින් ඔය නෙත ගැටී හ...