Chapter 12 🌦️

679 234 47
                                    

🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀

" මම මොනවද දන්නෙ නැත්තෙ ? අහ් ? "

" ඇයි මාව රැවැට්ටුවෙ ? "

" රැවැට්ටුවෙ ? මම ? මොනව ගැනද බියොල් කියන්නේ ? "

" හහ්...ඔයා දන්නෙම නෑ. මම එන්නේ ඔයා ලඟට කියලා දැන දැනත් ඇයි මට ඒක නොකීවෙ ? "

පස්සෙන් පස්සට ගිහින් බියෝල් අන්තිමට බිත්තියකට හේත්තු උනේ ඉන් එහාට යන්න තැනක් නැතිව.

" මම මොකටද කියන්නේ ? ඔයා කරන්නේ ජොබ් එකක්. මම ඒකට ඔයාට සැලරි එකක් දෙනවා. එච්චරයි"

" ඕ....හ් චින්චාහ් ? හිතුවද මම ඔයා ලඟ වැඩ කරයි කියලා ? Never "

බියෝල් එහෙම කියලා යන්න හැරුනා.ඒත් එයාට කලින් මම ආයෙමත් එයාව බිත්තියට කොටු කරගත්තේ ඒ ඇස් වලට එබෙන ගමන්.

" මොකක්ද ප්‍රශ්නේ ? මට මෙච්චර අකමැති ඇයි ? "

" කැමති වෙන්න හේතුවක් නැති නිසා "

බියෝල්ගේ උත්තර මාව රිදෙව්වා. ඒත් එයාගේ ඇස් වල ඊට වඩා වෙනස් උත්තර ලියවිලා තිබුනා.

" අරස්සෝ ඔයා හදන්නේ ඔයාගේ පෞද්ගලික හේතු නිසා මේ අවස්ථාව නැති කරගන්නද ? "

" ඔයා හිතන්නේ මට් අවස්ථා දෙන්න ඉන්නේ ඔයා විතරයි කියලද ජින්ශි ? "

" අනී.... ඒත් මේ අවස්ථාව ඔයාට දුන්නේ මම නෙමෙයි.ඩිරෙක්ටර්නිම්. අනික මම ඔයාව මගේ යටතට ගත්තේ ඩිරෙක්ටර්නිම් ඔයාව රෙකමන්ඩ් කරපු නිසා. නැත්නම් මට ඔයාව ගන්න කිසිම උවමනාවක් නෑ "

ලොකුකමට මම එහෙම කියල දැම්මේ කොහොම හරි බියෝල්ව මගෙ ලඟ තියාගන්න ඕනි නිසා. මම කියපු දෙයින් බියෝල්ගේ මූන වෙනස් උනා.

" ඔයා ඉන්නවනම් ඉන්න.යනවනම් යන්න. It's Ok. කොහොමත් මට ඔයා වගේ කෙනෙක් ගැන විස්වාසයක් නෑ. සෙට් එකක ලයිට්ස් අල්ලගෙන ඉදපු කෙල්ලෙක් කොහොමද මේකප් කරන්නේ. "

එහෙම කියලා කට කොනින් හිනා වෙලා මම සෝෆා එකෙන් ඉදගත්තා. මම දැනගෙන ඉදියා බියෝල්ව ලඟ තියාගන්න ඒ වචන ටික හොදටම ඇති කියලා.

 🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️Where stories live. Discover now