🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀
~~~~~~~~~~ Jin's Pov 🐼🌿
උදෙන්ම නැගිටලා වොශ් එකක් දාගෙන කෑම හදන්න ගත්තෙ පොඩි දෙන්නා උදේම කන්න හොයන නිසා. ඒත් කෑම හදන අතරතුරේ මට නිතරම මොකක් හරි දෙයක් අමතක උනා වගේ දැනෙන්න ගත්තා.
" ආ.....ශ් මට ඇයි මෙහෙම දැනෙන්නෙ ? . මට මොනවද අමතක උනේ ? "
මගෙන්ම අහන ගමන් ආයෙම කර කරා ඉදපු වැඩේට ඔලුව දැම්මේ හිතේ දෙගිඩියාවෙන් උනත් එකපාරටම අකුනක් ගහනවා වගේ මට ඒක මතක් උනා.🙂
" අ...අද නේද බියෝල් මෙහෙ එන්නේ ? ආ.....හ් ජිනා කොහොමද ඒක අමතක උනේ ? එක රැයකින් ඔක්කොම අමතක උනේ කොහොමද ?"
මට කෑ ගහගන්න ගමන් එග් රෝල් එක ඉක්මනින් හදලා කෙලින්ම උඩට දුවලා පොඩි දෙන්නගේ රූම් එකට ගියා. මම යනකොටත් දෙන්නා හොදටම නිදි.
" ඒයි...දෙන්නම නැගිටිනවලා.... කුකී...? ටේයුන් ?... නැගිටින්න "
" ම්ම්ම්හ්හ්හ්හ්හ් "
කුකී යන්තම් කෙඳිරිගෑවා ඇරෙන්න කතා කලේ නෑ.
" ම්ම්ම්ම්ම්හ්හ්හ් නෙමෙයි... නැගිටිනවා "
" හ්‍යුන්ග් ? වේ...? තාම උදේමනෙ "
ටේයුන් ඇස් පොඩි කර කරා ඇඳේ ඉඳගෙන ඇස් පියාගෙනම කියවන්න ගත්තා.
" අහන්න...අද දෙන්නම කාමරෙන් එලියට එන්නත් බෑ. සද්ද කරන්නත් බෑ. අරස්සෝ ? "
" මොහ් ? "
" ඇයි කියන දේ ඇහුනෙ නැත්ද ? 😒 "
" ඇහුනා අනේ...ඒත් ඇයි ? "
" අහ්...මේ...අද මට විශේශ අමුත්තෙක් එනවා."
ඇත්තටම ටේයුන් අහපුදේට කියන්න දෙයක් තිබුනේ නෑ. දෙන්නම බියෝල් ඉස්සරහා මගේ සායම හෝදලා දායි කියන බයට දෙන්නම ඇතුලට දැම්මත් ඒක කියන්න තරම් මගෙ හිත හදාගන්න බැරි උනා. කොච්චර උනත් උන් දෙන්නා තාමත් මගෙ පොඩි උන් දෙන්නනේ...
YOU ARE READING
🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️
Fiksi Penggemarගලක් යැයි හංවඩු ගැසූ ඒ පිරිමි පපුව යට අන් කාටත් වඩා ආදරනීය හදවතක් තිබුනි ❤️ " බියෝල් " " වසන්තයේ මුව දොර ඇරී සීත සුලං ගත දැවටුනී වැයෙනා නුඹෙ හද මඩලෙහී තනුවක් වෙන්නම් නුඹ හිමී..." " කවදා කෙලෙසක හිත බැඳී තිබුනිදැයි මම නොදනිමී අහඹුවකින් ඔය නෙත ගැටී හ...