Chapter 04 🌦️

703 230 46
                                    

🥀  ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀

ඒ තරම් සද්දෙන් කෑගහන්න හේතුව මොකක්ද බලන්න මමත් ඩ්‍රෙසින් රූම් එක ඇතුලට දුවගෙන ගියා.

" ගිහින් ඩිරෙක්ටර් යුන්ට එන්න කියනවා "

එහෙම කියලා මේකප් ආර්ටිස්ට්ගේ මූනට කඩා පැනපු ජින්ශි මාව දැකලා අමුතු විදිහකට බැලුවේ හරියට මාව එයාට පිලිකුල් වගේ. ඒ එක්කම ඩිරෙක්ටර් යුන් ඩ්‍රෙසින් රූම් එකට දුවගෙන ආවා.

" ජින්ශි ? මොකද වුනේ ? "

" ඩිරෙක්ටර් යුන් මම මේ වැඩේ බාරගත්තේ ඔයාව විස්වාස කරලා. ඒත් ආපු දවසේ ඉදන් අඩුපාඩු. "

" ජින්ශි මොකක්ද ප්‍රශ්නේ ? "

" ශූට් එකට අඳින්න තියෙන ජැකට් එකේ බට්න් එකක් කැඩිලා. මම ඔයාලට කිසිම අපහසුවක් නොවෙන්න වෙලාවට මෙතනට එනවා. ඒත් ඔයාල ? "

" චි...චිසෝහම්නිදා ජින්ශි. උදේ ඇඳුම් චෙක් කලේ බියෝල්. එයා අතින් මගෑරෙන්න ඇති."

ඩිරෙක්ටර්නිම් එහෙම කියලා මා දිහා බලලා රැව්වේ ජින්ශිගෙන් සමාව ගන්න කියලා ඇහෙන් ඉඟි කරන ගමන්.

" චි...චිසෝහම්නිදා ජින්ශි.මගෙ වරද. "

" ඕ....හ් චින්චාහ් ? ඩිරෙක්ටර් යුන් මට තේරෙන්නෑ මේ වගේ අය මොකට ඔයා තියාගෙන ඉන්නවද කියලා."

" මම බියෝල් ගැන ඉක්මනින්ම තීරනයක් ගන්නම් ජින්ශි. "

ඩිරෙක්ටර්නිම් එහෙම කියනකොට ජින්ශිගේ මූනේ අමුතු හිනාවක් ඇඳුනා.

මට රිදවලා එයා මොනවද බලාපොරොත්තු වෙන්නේ ? මට ඇයි එයා එහෙම කරනේ ? මම මගෙන්ම ප්‍රශ්න කරගත්තා.

" හැමෝම එලියට යනවලා "

" ජින්ශි...? "

 🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️Where stories live. Discover now