Chapter 08 🌦️

687 230 85
                                    

🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀

" ඉදගන්න "

" ජින්ශි ? "

" ඇයි එලියට ගිහින් කරන්න මොකක් හරි ලොකු වැඩක් තියෙද ? "

" අහ්..අනී අනී..ඒත් ! "

" එහෙනම් ඉදගන්න "

ජින්ශිගේ වචන වල සැර නිසාම මම ඉදගත්තා. ජින්ශි එක කොෆී එකක් මගෙ අතට දීලා අනික එයා අරගත්තා.

" බලාගෙන ඉන්නැතුව ඕක බොනවා😒 "

ජින්ශි කොෆී උගුරක් බීලා මට කෑ ගැහුවේ හරියට මම වරදක් කලා වගේ. ඒ නිසා මට කේනති ආවා.

" ජින්ශි....! ඔයාට ඕනි වෙලාවට යන්නයි ඉන්නයි මම ඔයාගෙ වැඩකාරයා නෙමෙයිනේ. "

කියන්න හිතපු නැති දෙයක් කියලා මම යන්න නැගිට්ටත් ජින්ශි මාව නැවැත්තුවා.

" ඔහොම ඉන්න. මොකද මේ කේන්ති ගිහින් ? "

" අයින් වෙන්න ජින්ශි.මට යන්න දෙන්න "

" ඔය සැර තියෙන්නේ මට දාන්න විතරද ? අනිත් අය බනිනකොට නම් ඉන්නේ හොර පූසි වගේ "

එයා ඒක ඇහුවේ තරහින් නෙමෙයි.හැමදාම වගේ එයාගේ මූනේ තුනී හිනාවක් ඇඳිලා තිබුනා. මට හැමදාම සරදමක් වගේ දැනුන ඒ හිනාව. ඇත්තටම ඒකට පුලුවන් මාව අතරමං කරන්න. පලල් තොල් අතරේ ඇඳුන හිනාවේ කිසිම වෙනසක් නොකර ජින්ශි මගේ ලඟට ටිකෙන් ටික පාත් උනා...

" බි....බියෝල්.... "

මෙච්චර වෙලා එයාගේ තොල් දිහා බලාගෙන ඉදපු මම එයාගේ ඇස් දිහා බැලුවේ ඒ වචන වල ස්වරය වෙනස් නිසා. ජින්ශිගෙ ඇස් බාගෙට පියවිලා තිබුනා.නලල පුරාම දාඩිය නෑවිලා තිබුනා.

" ජින්ශි...? මොකද උනේ ? ජින්ශි ? ඔයා හොදින්ද ? "

" බි....බියෝල්...."

ජින්ශි ආයෙමත් සැරයක් මගේ නම කියලා මගේ ඇඟ උඩට කඩාගෙන වැටුනා.

" කවුරු හරි ඉන්නවද ? ඒහා ? උදව් කරන්න... කවුරු හරි උදව් කරන්න "

පුලුවන් හයියෙන් මම කෑ ගැහුවා. වැඩි වෙලාවක් යන්න කලින් හැමෝම රූම් එකට දුවගෙන ආවේ කලබලෙන්.

 🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️Where stories live. Discover now