Chapter 16 🌦️

611 220 20
                                    

🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀

After one week

උදේ පාන්දරම ලොකු සද්දයක් එක්ක මගේ ඇඟට පත බෑවුන දෙයක් නිසා තද නින්දේ ඉදපු මම බයවෙලා ඇස් ඇරියම දැක්කේ මගේ ඇඟ උඩ නැගලා ඉන්න නසරානියෝ දෙන්නව.

" යා....හ් බහිනවලා. උදේම මාව තලලා මරන්නද හදන්නේ ? "

" හ්‍යුන්ග් ජිමින් කතා කලා "

මගේ කෑ ගැහිල්ල ගනන් නොගෙන කුකී කිව්වේ කොන්දට පාරක් ගහන ගමන්. එහෙන් ටේයුන් කකුල කන්න හදනවා.

" වේහ් ? "

" හ්‍යුන්ග්ටත් කෝල් ගත්තා කීවා.ඒත් හ්‍යුන්ගේ ෆෝන් එක ඕෆ් නිසා මට ගත්තා "

" විශේශ දෙයක් කිව්වද ? "

" දේ... අද හවසට හැමෝම එනව කිව්වා. එදා හ්‍යුන්ග් ජිමින්ට කිව්වනේ තව සතියක් හන්සුකී ගැන හොයන්න කියලා. ජිමින් මේ සතියම හන්සුකීව ෆලෝ කරලා. එයා හොයගත්ත දේවල් එක්ක් අද හවස හැමෝම එනව කිව්වා "

" අරස්සෝ..අරස්සෝ... දැන්වත් මගේ ඇඟෙන් නැගිටිනවලා "

" ආනියා..... අපිට බඩගිනීයි😒 "

" ඒකද උදේම මාව කන්නේ ? නැගිටිනවා... නැගිටිනවා දෙන්නම "

බැරිම තැන දෙන්නට ලඟ තිබුන කොට්ටෙන් ගහනකොට පොඩිදෙන්නා ඇඳෙන් බිමට පැනලා පහලට දිව්වා. කවදාවත් නැතුව දැනුන ලොකු බඩගින්නත් එක්ක මමත් වොශ් එකක් දාගෙන පහලට යනකොට බියෝල් කෑම රෙඩි කරලා මේසෙට අරගෙනත් එනවා.

" ඔහ්...චුහ්නාචිම් ජින්ශි "

" චුහ්නාචිම් බියෝල්. "

වැඩි කතාවක් නැතුවම අපි හැමෝම කෑම කන්න පටන් ගත්තා. පොඩි දෙන්නා බියෝල්ගේ කෑම කන්න ගොඩක් ආස උනා. ඒ නිසා නිතරම කෑම හදන කරදරෙන් මම නිදහස් උනත් බියෝල්ටනම් නිදහස් වෙන්න උනේ නෑ.
කෑම කකා ඉන්නකොට එකපාරටම මගේ ෆෝන් එකට ආපු මැසේජ් එක දැක්කම  කකා ඉදපු කෑම ටිකත් හිර උනා.

" What ? "

~~~~~~~~ Beyoul's Pov 🌟🌿

" ජින්ශි ?....මොකද උනේ ? "

 🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️Where stories live. Discover now