Final with Author Note 🌦️

931 242 76
                                    

🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀

" බියෝල්ආආආආ....ඇස් අරින්න.මම ආවා "

පියවෙලා තිබුන මගේ ඇස් හරි සැහැල්ලුවෙන් ඇරියේ මම ආදරේ කරන ඒ කටහඬ ඇහිලා.

" ජින් "

එයාගේ මූනේ කිසිම තුවාලයක් තිබුනේ නෑ. වෙනදා වගේම එයා හරිම ලස්සනට හිනා වුනා.

" දේ....මම ආවා... "

ඒ එක්කම යොන්ගි , කුකී , ටේයුන් , නම්ජුන් , හොබී , ජිමින් කට්ටියම ඇතුලට දුවගෙන ආවේ කෑ ගහලා අඬන ගමන්.

" හ්‍යුන්ග්...වේ..හ්...වේහ් අපිව දාල ගියේ...නූනා ඔයත් ගියා නේද අපිව දාලා ? "

" ජිමින්....මේක කලේ කවුරු උනත් ඌව යහතින් තියන්න බෑ "

" මට සැකයක් තියෙනවා යොන්ගි. මේක හන්සුකීගෙ වැඩක් කියලා.කොහොම උනත් මම හෙට අවසර ගන්නවා මේක කරපු එකාට දුටු තැන වෙඩි තියලා දාන්න. "

ජිමින්ගේ වචන වල වෛරයට වඩා පිරිල තිබුනේ වේදනාව. එයාලගේ ආදරනීය යාලුවා කුකී , ටේයුන්ගේ හ්‍යුන්ග් අද එයාලගෙන් ඈත් වෙලා කියන එක එයාලට දරාගන්න අමාරු උනා.

" ජින්...එයාලට පුලුවන් වෙයිද අපි නැතුව ඉන්න ? "

" ජිවිතේ එහෙමයි. එයාලා අපි හිතනවට වඩා ශක්තිමත්. අනිවාර්යයෙන්ම එයාලා ආයෙමත් හිනාව හොයාගනී. ඒ නිසා දුක් වෙන්න එපා.අපිට යන්න කාලේ හරි. කජා....අපිට මුනගැහෙන්න ගොඩක් අය ඉන්නවා "

ජින් එහෙම කියලා මාව පරිස්සමින් ඇඳෙන් බැස්සුවා. එකම රූම් එකේ අපි දෙන්නම ඇඳවල් දෙකක නිදාගෙන ඉදියා.

" ඒත් අපි මැරිලා. "

" අනී....අපි ඉන්නවා. ඒත්ලෝකේ නෙමෙයි "

" ජින්...කුකී හොඳටම අඬනවා "

" මගෙ පොඩි එකා. ටේයුන් එයාව හොඳින් බලාගනී. ඒ වගේම අනිත් හැමෝමත්. "

ජින් එහෙම කියලා ඒ හැමෝම වටේ අත් දෙක යවලා හග් කලා. ඒත් වෙනදා වගේ එයාලා ජින්ව හග් කලේ නෑ. ඒ වේදනාවටමද වෙන්න ඇති ජින්ගේ ඇස් වල කඳුලු පිරුනා.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

 🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️Where stories live. Discover now