🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀
මම වැඩි සද්දයක් නොකර රූම් එක ඇතුලට ගිහින් බියෝල් පිටිපස්සෙන් හිටගත්තේ එයා කියවන්නේ මොනවද අහගන්න.
" හහ්..කොහොමද දන්නෑ එයා මා ගැන හිතාගෙන ඉන්නේ. මිස්ටර් කිම් සොක් ජින් ඔයා හිතන්නේ මමත් අනිත් කෙල්ලො වගේ කියලනම් ඔයාට වැරදිලා. "
වා...හ් මෙයා මට බනිනවද ?
එහෙම හිතලා හොද වැඩක් කරන්නම් කියල මම බියෝල්ගෙ කනට ලං උනා.
" බියෝල්...මම නම් කියන්නේ ඔය කිම් සොක් ජින් කියන මනුස්සයට පාරක් දෙකක් දෙන්න ඕනි "
" දේ... එයා ලඟදිම දැනගනී මේ බියෝල් කියන්නේ කවුද කියලා "
බියෝල් එහෙම කියලා කිසි ගානක් නැතුව පෙට්ටියක් අස්සේ තිබුන එයාගේ බඩු වගයක් එලියට ගත්තේ මට පිටිපස්ස හරවලාමයි. තප්පර කීපයක් පෙට්ටිය ඇදලා ඇදලා එකපාරටම බියෝල් පිටිපස්ස හැරුනා.
~~~~~~~~ Beyoul's Pov 🌟🌿
ජින්ශි එක්ක තරහෙන් ඉදපු නිසා ඒ කතා කලේ කවුද කියලවත් ගානක් නැතුව මමත් උත්තර දුන්නා. ටික වෙලාවක් ගියාට පස්සෙයි මට මීටර් උනේ ඒ කටහඬ ජින්ශිගෙ කියලා. තවත් නොහිතා පිටිපස්ස හැරිලා බැලුවේ ඒක ඇත්තක් වෙන්න එපා කියලා උනත් හිතුවා වගේම ජින්ශි මගේ ලඟටම ඇවිත් බලාගෙන ඉදියේ එක ඇහිබැමකුත් උස්සගෙන.
" ජි....ජින්ශි ? "
" දේ....? මොකද මේ බය වෙලා ? "
" අහ්...ආ...ආනියා...."
" ඒක නෙමෙයි.. ටික වෙලාවකට කලින් මට ඇහුනා කාටද ගහන්න ඕනි කතාවක් කියනවා "
එහෙම කියන ගමන් ජින්ශි ටිකෙන් ටික මගේ මූනට ලං උනේ එයාගේ හුස්ම මගේ මූනේ වැදෙන නොවැදෙන ගානට.
" ම...මම හිතන්නෙ ජින්ශිට වැරදිලා. "
ජින්ශිගෙන් ගැලවිලා මම ආයෙම පෙට්ටිය අස් කරන්න හැරුනත් ජින්ශි මගේ ඉන වටේ අත යවලා මාව එයාගේ ඇඟට තද කරගත්තා.
" මට ගහන්න තරම් කේන්තියක් හිතේ තියෙනවද ? "
" ජින්ශි ? අතාරින්න. "
YOU ARE READING
🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️
Fanfictionගලක් යැයි හංවඩු ගැසූ ඒ පිරිමි පපුව යට අන් කාටත් වඩා ආදරනීය හදවතක් තිබුනි ❤️ " බියෝල් " " වසන්තයේ මුව දොර ඇරී සීත සුලං ගත දැවටුනී වැයෙනා නුඹෙ හද මඩලෙහී තනුවක් වෙන්නම් නුඹ හිමී..." " කවදා කෙලෙසක හිත බැඳී තිබුනිදැයි මම නොදනිමී අහඹුවකින් ඔය නෙත ගැටී හ...