Chapter 15 🌦️

615 221 25
                                    

🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀

ජින්ශිගේ ඇස් වල ජූහි-ආ ගැන කියන හැම වෙලාවකම අමුතු හැඟීම් ගොඩක් රැඳිලා තිබුනා. ඒවා මොන වගේ හැඟීම්ද කියලා තේරුම් ගන්න මට පුලුවන් උනේ නෑ. ඒත් ඒ දෙන්නගේ බැඳීම මම හිතනවට වඩා ගොඩක් ශක්තිමත් කියලා මට දැනුනා.

" ජිමින්...හන්සුකී නිතරම යන එන තැන් හොයාගන්න ඕනි. "

" අරස්සෝ ජින් මම ඒ ගැන දැනටමත් හොයන්න පටන් අරන් තියෙන්නෙ "

" ගුඩ්. කෙල්ලව අපේ පැත්තට හරවගත්තොත් අපිට ඉස්සරහට මේක කරගන්න අමාරු වෙන්නෑ "

ජින්ශි අත් දෙක උඩින් නිකට තියාගෙන කල්පනාවට වැටුනේ එහෙම කියන ගමන්.

~~~~~~~~ Jin's Pov 🐼🌿

ටිකෙන් ටික හැමදේම එලිවෙන්න පටන් ගනීවි. ජූහි-ආ සතුටෙන් නේද ඉන්නේ. ? එහෙම නැත්නම් තරහින්ද ? මම දන්නෑ. ඒත් මට තවත් මේක ඉවසන්න බෑ. දුක් වෙන්න එපා. මම ඉක්මනින් මේක ඉවර කරනවා.

හිතින් ජූහි- ආ එක්ක කතා කරන ගමන් මම බැලුවේ බියෝල් දිහා. හරි උනන්දුවකින් මෙතන වෙන කතා බහට කන් දීගෙන ඉදපු බියෝල්ගේ ඇස් වල තුනී කඳුලු පටලයක් තිබුනා. බියෝල් දිහා බලාගෙන වෙනම හැඟීමක තනි වුන මම පියවි සිහියට ආවේ නම්ජුන්ගේ කටහඬට.

" ජින්... අපි කෙල්ලව හරවගත්තා කියමුකො. ඒත් කොහොමද ජූහි-ආ ගේ කතාව එලියට ගන්නේ ? "

" හොඳ ප්‍රශ්නයක් නම්ජුනා. කොහොම හරි අපි ඒක ලී මින්ගේ කටින්ම කියවන්න ඕනි. එදා ජූහි-ආ ට කරපු හැමදේම උගේ කටින්ම කියවන්න ඕනි. ඒක තමා අපේ සාක්ශිය වෙන්න ඕනි "

" හරියට පාපොච්චාරනයක් වගේ ? "

" හරියට හරි ජිමිනා. මම ඌව අතාරින්නෑ. ඌට දඬුවම් ලැබෙනවා මගේ ඇස් වලින් දකිනකම් මට සැනසීමක් ලැබෙන්නෑ. ඒත් ඒ හෑමදේකටම කලින් මට එක දෙයක් ගැන හරියට දැනගන්න ඕනි "

මම බැරෑරුම්ව කියනකොට හැමෝම උනන්දුවෙන් මා දිහා බලාගෙන ඉදියා.

" හන්සුකී ඇත්තටම මේ කිසිම දෙයක් දන්නැත්ද කියලා මට දැනගන්න ඕනි.මොකද අපේ ප්ලෑන් එක කොතනවත් ගැස්සෙන්න බෑ .ඒ ගැන මම ඉස්සරහට කියන්නම්. මට මුලින්ම එයා නිතරම යන එන තැන් බලලා කියන්න ජිමින්  "

 🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗮 𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗵𝗲𝗮𝗿𝘁🥀|| KSJ Sinhala||☑️Where stories live. Discover now