ඉන්ටවල් බෙල් එක කරපු ගමන් සොහාන් මා එක්ක කැන්ටින් එකට ගියා..
💚 කෝ ලුවී...
🦁 එයා එන්න ටිකක් වෙලා යයි..
💚 කෝ ටිශා...
🦁 අර ඉන්නේ...
සොහාන් කිව්වේ කැන්ටින් එකේ කොනක ඉදන් ලිප්ටිප් ගාන ටිශාව පෙන්නලා...
💚 මට නම් ගොඩක් සතුටියි...ඔයා මෙහේ ඉන්න එකට...
🦁 ඔයාව දැක්කම මටත් ගොඩාරියක් සතුටු හිතුනා...
💚 අන්න ලුවී...
ලුවීත් අපේ මේසෙන් ඉදගත්තා..
🐯 යුකී...සොහාන්...
💚 ලුවී....මේ...මම ඔයාට අයියේ කියන්න ඕනද..
🐯 ඒ මොකද..
💚 ඔයා මට වඩා වැඩිමල්නේ...
🐯 අපෝ...එහෙම ඕන නෑ..
මම ඇස් කොනින් දැක්කේ වටේම ඉන්න සක්කරවට්ටන් මට රවනවා...ස්පෙශල් ටිශායි එයා වටේ හිටිය අයයි..
💚 මේ මගේ වපරයක්ද...මේ හැමෝම මට රවනවද..
🦁 ඒවා ගනන් ගන්න එපා..
💚 මම වටයක් දාලා එන්නද...
🐯 හා..අපිත් කාලා එන්නම්..
මම හැම වෙලේම රවුමක් ගහන්න යන්න හරී ආසයි...කොලේජ් එකේ ලස්සන ගාඩ්න් එකක් තිබ්බා...මාර ලස්සනයි...ඒක මැද ලස්සන ලොකු වතුර මලක් තිබ්බා...මම ඒක ලගට ගිහින් අත දික් කරේ ඒ වතුර අල්ලන්න...හිතුවේ මම නොහිතපු දෙයක්....වතුර ටික මගෙ ඇගට පැන්නා...
ඔව්...ඒක තමා උනේ...
ඇදුම ඉවරයි...මේ වතුර වලට අමු කැවිලාද...
මගේ ඇස් වල අවුලක් වෙන්න ඇති...ආය බලමුකෝ...මම පන්ඩිතයානේ...ඉතින් මම ආය වතුර ඇල්ලුවා....මේ පාර නම් හොදටම නෑවා...ගෙදරදිවත් මෙහෙම නාලා නෑ....
කොන්ඩෙන් වතුර බේරෙනවා...අයියෝ සාන්ත...මටමනේ වෙන්නේ...අනිත් පැත්ත හැරෙද්දි මම දැක්කේ මාව කන්න වගේ බලන් ඉන්නෙ සොහාන්ව...හුටා..මම නාලානේ ඉන්නේ...සැක්...බබා වගේ හිටියට වල් යකෙක්නේ...ශික්...අනේ මේකා...
💚 අහක බලාගන්නවා...
මෙන්න මූ මා ගාවට එනවා..මම පිටිපස්සට ගියාද..නෑ..මම පිටිපස්සට යන එකෙක් නෙමේනේ...සොහාන් එයාගේ නිල ඇදුමට උඩින් තියන කෝට් එකේ බට්න් ගැලෙව්වා...මම කට ඇරන් හිටියේ...මූ මොනාද කරන්න යන්නේ...එයා ඒ කෝර් එක ගලෝලා මට දැම්මා..
YOU ARE READING
Yukii ✔️✔️
Fantasyදරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල්...