14

213 40 9
                                    

වසර 2 පසූ..........

අවුරුදු දෙකක්...මම ගෙදරින් යාලුවන්ගෙන් මගෙ පවුලෙන් ඈත් වෙලා අවුරුදු දෙකක්..මගේ මාමා..දිගටම මගේ පස්සෙ ආවා...

(🙂💔 මාමා කිව්වෙ ෆෙඩ්‍රික් හුදේ...)

දැන් මං ඔක්කොම දන්නවා...සාමාන්‍ය මිනිස්සු නින්ජා ගර්ල් ශැඩෝ ගැන දන්නවට වඩා...මම දැන් මා ගැනත් දන්නවා...මගේ අම්මා යූරා...තාත්තා ඩැනී....එහෙමත් නැත්තම්..නින්ජා ගර්ගෙයි ශැඩෝගෙයි බාල දුව තමා මම...මගේ අක්කාට ලොකු ශක්තියක් සහ අයියට ලොකු වේගයක් තියනවා....යූරා ඩැනී දෙන්නාගේ බෙහෙතෙන් මට පරිසරයේ සෞම්‍ය දේවල් ගස්,වතුර වගේ දේවල් පාලනය කරන්න පුලුවන්...ලේ වලින්ම මට සටන් කලාව උරුමයි කියලා මම දැන ගත්තෙ මුලින්ම  කඩුවක් අල්ලපු දවසේ...
තාම මගේ මාමා...නැත්තම් ෆෙඩ්‍රික් මගේ පස්සෙ පන්නනවා...එයා මෙන්ටරිල් ලොන්ස්ට්‍රෝන් දෙකම අල්ලන් කියලා ආරන්චි උනාම මට මගේ දෙමව්පියෝ ගැන පුන්චි තරහක් ආවා...එයාලා හැන්ගිලා ඉන්නේ ඇයි???
මේ තරම් කල්...
අවුරුදු දෙකකින් මම මනුස්සයෙක් එක්ක කතා කරලා නෑ...සත්තු එක්ක කතා කිරීමේ මගේ හැකියාව මට ලොකු උදව්වක් උනා...ගස් වැල්,වතුර,හුලග,අයිස් ඒ දේවල් මට හොදට පාලනය කරන්න පුලුවන්...ලුවීගේ හැකියාවන් එයාට ලැබුනේ කොහොමද කියන එක විතරක් මට ප්‍රශ්නයක් උනා...

විශේශම දේ...මාත් මගේ දෙමව්පියන්ගේ අඩිපාරේ ගිය එක...මම දැන් ඉන්නේ කලින් හිටිය නගරයට ගොඩක් දුරින්...මේ මිනිස්සු මට සාමයේ ආර්‍යාව,කලු හෙවනැල්ල,සොබාදහමේ රැජින වගෙර් එක එක නම් කිව්වා...ඒත් මගේ ස්ත්‍රිර නම උනෙ ශැඩෝ නින්ජා....

අද තවත් දවසක්..මම පුරුදු විදිහට ගොඩනැගිල්ලට වෙලා බලන් හිටුයේ මගේ ආදරනීය මාමාගේ හෙන්චයියො එනකල්...එයාලා එක්ක සෙල්ලම් කරන එක පට්ට ආතල්...ග්‍රහලෝක දෙකක දක්ශම රනශූරයනේ දරුවෙක් උන මට ලැබිලා තියන අමතර හැකියාවත් එක්ක  ෆෙඩ්‍රික්ගේ මිනිස්සු එක්ක සෙල්ලම් කරනවා හැර වෙන දෙයක් කරන්න තිබ්බේ නෑ....

එකපාර ස්ස්ස්...සද්දෙකින් මොකක් හරි වේගවත් දෙයක් මාව පහු කරන් ගියා..දවස් දෙකක් තිස්සේ මාව හොයන්න මිනිස්සු නො එවපු ෆෙඩ්‍රික්ගේ අලුත්ම තුරුම්පුවට මූන දෙන්න මම සූදානමෙන් හිටියේ...
පිටේ තිබ්බ කඩුවත් අරන් මම සූදානම් උනා...

Yukii ✔️✔️Where stories live. Discover now