10

212 47 12
                                    

එකපාරටම මට පිටිපස්සෙ තිබ්බ වැල් ටිල මා ගාවට පැන්නා...පරිසරේ මාව කන්න හදනවද...😭😭 යකූ මම තනකොල ගහක්වත් උගුල්ලලා නෑ...ඒ එකේ මොකො මේ ගස් මාව කන්න එන්නේ..

💚 සොහා......න්...

මම සීන් ගාලා සොහාන්ගේ ඔඩොක්කුවට පැන්නා..

🦁 යුකී...මොකො මේ..

💚 අනේ...මට මොකක්ද මන්දා වෙනවා...එකපාරක් වතුර මාව කන්න ගියා...මේ පාර වැල් මගේ ප්ස්සෙන් එනව...අනේ...මට මොනාද මේ වෙන්නේ...

සොහාන්ව බදාගෙන මම අඩන්න ගත්තෙ වෙන දේවල් මුකුත් නොතේරෙන නිසා...මගේ පවුලේ අය නැතුව මට ගොඩල් පාලුයි...මේ වෙන දේවල්...මට ඇහෙන කටහඩවල්...මම...මම දන්නේ නෑ...මේ කිසි දෙයක්...

🦁 අයියෝ ..අඩන්න එපා යුකී..

සොහාන් මගේ ඔලුව අතගෑවා..

💚 අනේ සොහාන්...මට..මට බයයි..

🦁 යුකී...ඔයා කාටුන් බලලා තියනවනේ..

💚 ඔව්..

🦁 ඔයාට මේ ඇත්තෙ මොකක් හරි පවර් එකක්...ම්ම්ම්...අපි ඒක පුරුදු වෙමු..

එයා ගොඩක් සන්සුන්ව ඒක කිව්වේ..
මම හිමීට ඔලුව ඉස්සුවා..

💚 සුවර්ද..

මම කිව්වේ කදුලු පිහින ගමන්..

🦁 ඔව්...ම්ම්..අඩන්න එපා..

💚 මට බයයි....මේ හැම දේම මාව කන්න හදනවා...

🦁 අයියෝ ....එහෙම නෑ..පරිසරය ඔයාට ආදරෙයි...

💚 හුම්...

මම කියද්දි සොහාන් මගේ ඇස් වලින් එන කදුලු පිහ දැම්මා..

🦁 එන්නකෝ...අපි යමු..

මම එයාගේ ඔඩොක්කුවෙන් නැගිට්ටම එයා මගේ අතත් අල්ලන් හොස්ටල් එක පැත්තට ගියේ විහිලු කතා කිය කිය අල්ලන් හිටිය අත් දෙකත් වන වන...

අපි යද්දි ටිශා ඔරවන් ඉන්නවා...අම්මපා මේකි...

🦁 ආ...ටිශා...කෝ ලුවී..

❤️ දන්නෙ නෑ...කාමරේට ගියා ගියාමයි..

🦁 හා..ඔයා යන්න මම බලන්නම්..

ටිශා ගස්සන් ගිය විදිහෙන් මට තේරුනා එයයි ලුවියි අතර සහෝදර කමක් නෑ කියලා...කොහොමත් ඒ දෙන්නා වැඩිහ ලග නෑ...

සොහාන් මගේ අතිනුත් ඇදගෙන ලුවීගේ කාමරෙට ගියා..

හුටා...





ලුවිගේ කාමරේ කොටසක් ගිනි අරන්...මේකා හැන්ගිලා..

🦁 ලුවී...ඔයා.හොදින්ද...

🐯 සොහාන්...ඈත් වෙලා ඉන්න...

🦁 ලුවී???

🐯 මම තරහ ගිහින් කාමරේ දොර වහද්දි මේ ඔක්කොම ගිනි ගත්තා..

🦁 ඔය හැන්ගිලා මොකද..

🐯 මට බයයි ඔක්කොම ගිනි ගනී කියලා...

💚 ලුවී...එන්නකෝ..

මම එයා හැන්ගිලා හිටිය තැනට ගියා..

🐯 ඔයාවත් පිච්චෙයි..

💚 අයියෝ...ලුවී...අද මාව ගස් ගොඩක් කන්න ගියා..

🐯 හෑ...

🦁 මට පේන්නේ ඔය දෙන්නට තියෙන්නෙ එකම ප්‍රශ්නේ..

💚🐯 මොකක්...

🦁 හ්ම්...ඔයාලා ...ඔයාලා...මායාකාරයෝ...

( 😂 මොල ගෙනාපු නැවක්..හැබැයි මොල ටික නැවෙන් බාලා...මායාකාරයෙක් නෙමේ යකෝ ඒලියන් කෙනෙක්...මොලේ තමා මොලේ....)














😂 කාට කියන්නද නේ...

මොනා වෙනවද කියලා මමවත් නොදනී.

එන හැටියකට මූන දෙමු

Yukii ✔️✔️Where stories live. Discover now