DO NOT MISS ME 💗

606 150 8
                                    

ටේ ටේ ප්ලීස් එහෙම කරන්න එපා මන් පොරොන්දු වෙන්නම්.ඔයාට කරදරයක් නොවී ඉන්න කරුනාකරලා මට මෙහෙ ඉන්න දෙන්න.ඔයා මාව මෙහෙන් යැව්වොත් අප්පා කලබල වෙයි ටේටේ

ආයිශ් තමුසේ මුලින්ම මට ටේටේ ගාන එක නවත්තනවා ජන්ග්කුක් මන් ටේහියුන් බැරිනම් පොඩිමහත්තයා කියනවා.අතේ සතෙ නැති හිගන්නන්ව වද්දගෙන කන්න බොන්න දුන්නම එනවා කරෙ නගින්න.තමුසේ.....මට පුදුම තරහයි අයිසේ තමුසෙ එක්ක.තමුසෙ කොහොමද බල්ලෝ මට ආදරේ කරන්නෙ අහ් කොහොමද මන් කවුරු කියලද හිතන්නේ තමුසෙගෙ ඔය හුරතල් මූන පිටිපස්සෙ මහ ජරා යකෙක් නේ ඉන්නෙ ශික් ඕයි ඉරිකිතයි මට තමුසෙව........

ටේ ජන්ග්කුක්ට  බැනගෙන රූම් එකෙන් එලියට ගියා.

ඒ අහින්සක හුරතල් මූන තියෙන මනුස්සයා මෙච්චර නපුරුද..ඇයි මගේ දුප්පත්කමට විහිලු කරන්නෙ ඇයි මගේ ආදරේට අපහස කරන්නේ ඇයි ටේ මට මෙහෙම හිතක් පපුවක් නැති විදිහට කතා කරන්නේ.මන් ඔයාට මෙච්චර ආදරේ කරලත් ඇයි ඒක පේන්නෙ නැත්තේ.මන් ජරා මනුස්සයෙක් නෙමෙයි ටේ මන් ජරා මනුස්සයෙක් නෙමෙයි....ඇයි දෙවියනේ ආදරේට සීමා ඇයි මේ.......... ආදරේ කරන්න සම්මතයක් තියෙනවද?? මිනිස්සු ඇයි සම්මත අසම්මත කියලා වෙන් කරන් ආදරෙ කියන ශුද්ද වචනේ අපවිත්‍ර කරන්නේ

මන් රෑ කෑමටවත් නොගිහින් අඩ අඩාම නිදාගන්න තීරනය කරා.

මන් නිදාගත්තට පස්සේ ටෙ කාමරේට ඇවිත් නිදාගත්තා.මන් නිදාගෙන ඉන්න විදිහ දැකලා එයා මට රැව්වා.මන් ලාවට ඇස් ඇරන් බලන් හිටියේ.ඒත් එක්කම එයා හිනා උනා මගේ මූන බලන් හැබැයි ඒ ඒ හිනාව හරි ආදරනීයයි.

DO NOT MISS ME [TK]oneshot✔️✔️Where stories live. Discover now