කාලය ගෙවිලා ගියා.ඇත්තටම ටේ පෙන්නන තරම් නපුරු මනුස්සයෙක් නෙමෙයි කියලා මන් තේරුම් ගත්තත් එයා මට කරපු දුශ්ටකම්වල අඩුවක් උනේ නෑ.මට බැන්නා අපහස කරා.ගහපු දවසුත් තිබ්බා.ඒත් එයා මට කොච්චර නපුරුකම් කරත් හිත ගොඩාක් හොද කෙනෙක් මට හැමදාම ආපු ප්රශ්නයක් ඇයි ටේ මට විතරක් අකමැති ඇයි මට විතරක් වෛර කරන්නේ.හැමදාම උත්තර නැති ප්රශ්නෙක මන් හිර උනා.මන් හුගක් ඇඩුවා.ඒත් ඒ හැමදේටම පස්සෙ මන් මගේ හිත හදාගත්තා ටේට තියෙන ආදරේ මගේ හිතේ විතරක් තිබුනු දෙන්.හැමදාම එයාගේ සතුට බලල මන් සතුටු වෙන්න උත්සහ කරා.එයාගේ හිනාව වෙනුවෙන් ඕනිම දෙයක් මට කරන්න පුලුවන් උනා.ඒත් මගේ හිනාව දැකකත් එයාට කේන්ති ගියා.
ඔය කාලෙදිම කොලේජ් එකේ කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා.එයාගේ නම සෝනා ඔව් එයා මට ආදරෙයි ලු කොලේජ් එකේම ඔය කතාව පැතිරුනා.ටේ පවා ගෙදරදි මට ඕක මතක් කරලා කැත විදිහට හිනා වෙනවා.
සෝනා ගොඩක් හොද ගැහැනු ළමයෙක්.සල්ලිකාර පවුලක උගත් ගෑනු ළමෙක්.එයා එ වගේම හුගක් ලස්සනයි..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දවසක් කොලේජ් එකේ cafeteria එකේදී සෝනා හැමෝම ඉස්සරහ මට propose කරා.ටේත් එතන හිටියා.සෝනා කියන්නේ මට යාලුවෙක් විතරයි.ඒත් එයා එද කරපු වැඩෙන් cafeteria එකේ හිටපු හැමෝම මන් දිහා බලන් හිටියා.මොකද සෝනාවගේ කෙල්ලෙක්ට කවුද අකමැති වෙන්නේ??
සෝනා ඇත්තටම....
මට වචනේ සම්පූර්න කරගන්නවත් හම්බුනේ නෑ මගේ කම්මුල හරහා වැදුනු පහරට මගේ තොලත් පැලුනා.හිතාගන්න බැරි උනා.ඔව් ඒ ටේ.සෝනා ඉස්සරහදි නෑ මුලු cafeteria එකේ හැමෝම බලන් ඉද්දි ටේ මගේ ලගට ඇවිත් මගේ කම්මුලට ගැහුවා.හැබැයි ඒ ඇස් වෙනදට මන් දිහා බලම විදිහයි අදයි ගොඩක් වෙනස්.වෙනදට කේන්තියෙන් මන් දිහා බලන ටේ අද කදුලු පුරවන් ඇස්වලින් මන් දිහා බලන් හිටියා.ඒ ඇස් දැක්කම මට ඇති වුනේ වරදකාරී හැගීමක්...ඒත් මන් වරදක් කරේ නෑ.ඇයි ටේ මෙහෙම හැසිරෙන්නෙ මට අහන්න ඕනි උනත් මන් වචනයක්වත් කතා නොකරෙ කොලේජ් එකේ ළමයි ඉස්සරහ කතා කරලා මගේ හිතේ හැන්ගිච්ච ආදරේ එලියට ආවොත් ඒකෙන් ටේ අපහසුතාවෙට පත් වෙයි කියන බයට...
YOU ARE READING
DO NOT MISS ME [TK]oneshot✔️✔️
Fanfictionඑක පාරක් හිනා වෙලා දහස්වතාවක් විදවන්න ආදරේ තෝරගන්න ඕනිද? මේ ඔවුන්ගේ කතාවයි.❤️🌼🌏 Taekook Forever🥀 Enjoy It..... Hazel♡