DO NOT MISS ME 💗

530 132 8
                                    

මාස දෙකකට පසු..........

කුක් ඔයාව ඩිස්චාර්ජ් කරා.අපිට දැන් ගෙදර යන්න පුලුවන්

ටේ......

ශ් ශ් තවම කතාකරන්න හොද නෑ.අඩු උනා විතරනේ අපි යමු...

Jungkook pov.

ජීවිතේ කියන්නේ මොකක්ද කියලා මගෙන් ඇහුවොත් දෙන්න මට උත්තරයක් නෑ.මගේ ජීවිතේ ගැන කීවොත් කවුරුත් විශ්වාස කරන්නේ නෑ.කන්නවත් සල්ලි නැති මම සෝල්වල ලොකුම කොලේජ් එකට එනවා.මන් කෙනෙක්ට ආදරේ කරනවා.එයත් මට ආදරෙ කරනවා.ඒත් සමාජෙ නිසා වෙන්වෙන්න තිබ්බ අපේ බැදීම එදා උනු ඇක්සිඩන්ට් එක නිසා වෙනම අතකට පෙරලුනා.එදා ටේ අපිට එකතුවෙන්න බෑ කීවම මන් ඒ ගෙදරින් එලියට ඇවිත් පාරේ ඔහේ දුවන්  යද්දි ඒ ආපු ට්‍රක් එකට යට උනු මන් ජීවිතෙත් මරනයත් අතර සටනක් කරලා මාස එකහමාරකට පස්සේ පියවි සිහියට ආවේ ඒ වෙද්දි මගේ ජීවිතේ මට හිතාගන්න බැරි තරම් දේවල් වෙලා.ටේ කොහොමද ඔයා එහෙම කරේ මට හිතාගන්න බෑ ටේ....මට ඒ තරම් ආදරේද...ඩොක්ටර්ස්ලා මාව ජීවත් කරවන්න බෑ කියද්දි ඔයාගේ ඔය ආදරේ මාව ජීවත් කරා ටේ.මැශින්වලට වට වෙලා හිටපු මන් ඔයාගේ හැමදේම කියලා ඔයාගේ ගෙදර අයට මගේ ගෙදර අයට කියලා මෙහෙම ඇදකට වෙලා හුස්ම වෙනුවෙන් ආයාචනා කරන මාව විවාහ ගිවිසගන්න තරම් ඔයා මට ආදරෙයි ද ටේ ඔයා මට මේ තරම් ආදරෙයි ද???

Taehyung pov.

ඒ මාස දෙක මන් නොමැරුනු ටික විතරයි කුකී.මට එදා තේරුනා මන් මොන තරම් මෝඩද කියලා සමාජේ ඉස්සරහ ඔයාව මගෙ කියලා පිලිගත්තා නම් අද ඔයාට මෙහෙම නොවෙන්න තිබ්බා කුකී.ඔයාගේ ටේට සමාවෙන්න මැනික හැමදේටම මට සමාවෙන්න.ඩොක්ටර්ස්ලා බලාපොරොත්තු නැති කරද්දි ඔයාගෙ ගැහෙන හදවත මට බලාපොරොත්තු ඇති කරා කුක්.ජීවිතේ කියන්නේ ආදරෙටයි.අපි ආදරේ කරන කෙනා නැතුව අපි කොහොම ජීවත් වෙන්නද කුක්.එක පාරක් හිනා වෙලා මන් සියදහස්වතාවක් හරි විදවන්නම් හැබැයි ඒ හැමපාරම ඔයා මන් ලග ඉන්නවා නම්.....ගෙදර අය මුලින් අකමැති උනත් එයාලා තේරුම් ගත්තා කුක් අපේ ආදරේ එයාලා තේරුම් ගත්තා.හරි කෙනා ජීවිතේට ඇවිල්ලත් ඒ කෙනාව මෙච්චර රිද්දන්න උන එකට මට සමාවෙන්න මගේ කුකී.මීට පස්සේ මන් ගන්න හැම හුස්මකටම ලගින්ම ඔයා ඉන්න ඕනි කුක්.ඒ හුස්මේ අයිතියත් ඔයාට විතරයි ඔයාගෙම විතරයි කුක්.

DO NOT MISS ME [TK]oneshot✔️✔️Where stories live. Discover now