"යා... සෝහා... මේ කෙල්ල තාම නෑනෙ. මොකක්හරි ප්‍රශ්නයක් ද දන්නෑ "
වෙනද 4 වෙද්දි නොවරදවාම මෙතනට එන කෙල්ල අද 7 වෙලත් නොආව එක ගැන ටේයෝන් ගෙ හිතේ ඇතිවුනේ බයක් වගේම පුදුමයක්.
"මං දන්නවා ඔයා එනව කියල. එතකන් මං බලන් ඉන්නම්.."
එයා එන්නෙ නෑ කියල කොච්චර හිත කිව්වත්, ටේයෝන් ආයෙත් පාර දිහා බලාගෙන මිමිනුවෙ, සැබෑ නොවන බලාපොරොත්තුවක් හිතේ ඇතිකරගන්නගමන්...
• • •
ටේයෝන් ඇවිදගෙන ගියේ ළග තිබ්බ වැට ළගට. කොල්ලගෙ තොල් අතර පුංචි හිනාවක් ඇදුනෙ, අහස පුරා දිලිසෙන තරුවල එලිය නිසා මුහුදු දිය මත ඇතිවෙලා තිබුන ප්‍රතිරූපය දැකල. එත් එක්කම කොල්ලගෙ අස් ගියේ වෙරළෙ නතරවෙලා තිබුන බෝට්ටුවකට.තැන තැන විසිවෙලා තිබුන කෑලි නිසා ඒක කැඩිච්ච එකක් කියල තේරුම්ගන්න ටේයෝන් ට වැඩි වෙලාවක් ගියේ නෑ. තරමක් වෙරළෙ වැලි තුලට කිදාබැහැල තිබුන නිසාත්, තැනින් තැන බැදිල තිබුන දියසෙවල නිසාත්, අවුරුදු ගානක් පරණ බෝට්ටුවක් බව හොදින් ඉස්මතු වුනා. බෝට්ටුව දිහා බලාගෙන හිටපු ටේයෝන් එකපාරම,
"ආ... ආයි... එපාහ්.."
ඔලුව අල්ලගෙන කෑ ගහන්න ගත්තෙ කීපදෙනෙක්ගෙ කටහඩවල්, අදුරු අපැහැදිලි රූප, විලාප හඩවල් ඔලුව ඇතුලෙන් මැවී පෙන්න ගද්දි.
"ආ..." ටේයෝන් තමන්ගෙ අත් දෙකෙන් තවත් හයියෙන් ඔලුව අල්ලගෙන ඇස් තදකරල පියාගත්තෙ තමන්ව පාලනය කරගන්න උපරිම උත්සහ කරනගමන්.
.
.
.
ටික වෙලාවකින් තිබුන සන්සුන් බව නිසා ටේ හිමින් සැරේ ඇස් ඇරියෙ තදකරල ඔලුව අල්ලගෙනමයි.
"යාහ් මගෙ ඔලුව..."
මාසෙක විතර ඉදන් නිතරම වගේ ටේයෝන්ගෙ හිත ඇතුලෙන් පේන මේ දේවල් කොල්ලගෙ හිතේ ඇතිකරේ අමුතුම හැගීමක්. ඔලුව දෙපැත්තට ගසල ටේ ලොකු හුස්මක් පිටකරේ, ඒ දේවල් හිතේ ඇදුනු ඒව නිසා අමතක කරන්න ඕනෙ වගේ හැගීමකින්.
•
•
•
එන්න එන්න කාලෙ ගතවුනත් සෝහ නම් ආවෙ නෑ. ඒත් ටේයෝන්ට යන්න හිතකුත් නෑ. ඔහොම ඉන්නකොට කොල්ලට මතක් වුනේ සෝහ හැමදාම paper tag එල්ලන මේපල් ගහ. හිතේ තිබ්බකුතුහලේ නිසාම දෙපාරක් නොහිත ටේ ගහ ලගට ගියා.
YOU ARE READING
~ ️WINTER GIFT❄️ || Complete ||
Fanfiction-එතකොට මේකද අපේ කතාවෙ අවසානය..? නෑ, මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ... මට බෑ මේ අවසානය පිලිගන්න.. මම උපරිම උත්සාහ කරනව සෝහ, ආයෙත් ඔයා ලගට එන්න... ඒත් මට හරි මහන්සියි...- යුන්හෝගෙයි ඔම්මගෙයි කෝපාන්විත සංවාදය අස්සෙන් ලාවට ඇහෙන සෝහගෙ කටහඩ මැද්දෙ...