~ මායාවක් බදු ආදරය යන
සිව් අක්ශරයන්......
පැටුලුණි ඒ දැල මත සූ
ඔබ මත්තෙන් .........
නොහැකියි ඒ ගැට ලිහන්නට
කේසේ විද එය එතරම් ශක්තිමත්.....කල්පයක් සේය ඔබ නැති එක තත්පරෙත්...
තවකෙතරම් මේ හදවත් මග බලයිද ඔබ එනකම්...
මහන්සියි මට කෙලෙස ඉවසුම්ද
මේ දුක් වේදනාවන්.......
තාමත් මේ හිත පිස්සුවෙන් වගේ
හොයන්නේ ඔය උණුසුසුමමයි.....අමතක නොවන මතකයන් ගොන්නක,
ඒ නැවතුම්පලේ අද මා තනිකර....
කොහෙද සැගවුනේ මගෙ පුංචි
දගකාරියේ....... ~දැහැනකට සමවැදිල වගේ හිටිය වූයොන්ගෙ දුරකතනය නාදවෙන්න ගත්තෙ, තිබුනු දැඩි නිශ්ශබ්දතාවය බිද දාල...
_හියුන්_
පෝන් ස්ක්රීන් එකේ නම සදහන් වෙලා තිබ්බෙ එහෙම...
.
.
"සූ නැගිට්ටද හියුන්" ගත්ත ගමන් වූයොන් අදත් ඇහුවෙ ඒ දේමයි.. කිසි වෙනස්ක් නෑ පහුගිය මාස හය පුරාවටම ජින්ගෙන් ආපු කෝල්ස් වලට වූ ඉස්සෙල්ලම ප්රතිචාර දැක්කුවෙ සූ නැගිට්ටද කියනවචන ටිකෙන්.."එයා නැගිට්ට නේද හියුන්... ඔව් කියන්න... හියුන්.." වූගෙ ඒ වචන ඉස්සරහ ජින් හරි අසරනයි...
"නෑ වූ... එත්ත්...ඩොක්ටස් ල කිව්ව සෝට දැන් අපි කියන දේවල් ඇහෙනව කියල.. ඇස් ඇරියෙ නැතත් සෝට දැං අපි කියන දේවල් අහගෙන ඉන්න පුලුවන්... ඔයා ඉක්මනට ආවොත් හොදයි වූ.. සෝ ආසඇති ඔයාගෙ කටහඩ අහන්නත්..."
"දේ.. දේ.. මන් ඉක්මනට එන්නම්..." ඉක්මනට කෝල් එක කට් කරපු වූගෙ දෙතොල්වල කාලෙකට පස්සෙ ආයෙත් පොඩි හිනාවක් ඇදිල...( A/N - එදා.. සෝහව කන්දෙන් පහලට වැටුන වෙලාවෙ... ඒ දේ අහම්බෙන් දැක්ක තව කෙනෙකුත් හිටිය.. ඒ ජිසෝ ඔන්නි.
එදා, සූවයි වූවයි හම්බවෙන්න ජිසෝ කන්දට යනගමන් හිටියෙ.. මොකද කෙල්ල දන්නව හැමදාම හවසට ඒ දෙන්න කන්දට එනව කියල...
කන්ද උඩට ඇවිදං යනගමන් හිටිය ජිසෝට, එකපාරම අහන්න ලැබුනෙ වෙඩි සද්දයක්.. ජිසෝ ගොඩක් කලබලවුනා.. සෝහ වගේම වූයොනුත් ඉන්නෙ උඩ නේද කියල මතක් වුනාම කෙල්ල ඊටත් වඩා කලබල වුනා..
තිගැස්මෙන් ගැහෙන හදවතත් එක්ක ජිසෝ වේගෙන් කන්ද උඩට දිව්වෙ, මොනා වුනත් වෙලාතියෙන දේ හොද දෙයක් නොවන බව දන්න නිසා...
YOU ARE READING
~ ️WINTER GIFT❄️ || Complete ||
Fanfiction-එතකොට මේකද අපේ කතාවෙ අවසානය..? නෑ, මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ... මට බෑ මේ අවසානය පිලිගන්න.. මම උපරිම උත්සාහ කරනව සෝහ, ආයෙත් ඔයා ලගට එන්න... ඒත් මට හරි මහන්සියි...- යුන්හෝගෙයි ඔම්මගෙයි කෝපාන්විත සංවාදය අස්සෙන් ලාවට ඇහෙන සෝහගෙ කටහඩ මැද්දෙ...