CHAPTER 2 (part 2)

48 15 12
                                    

~ Back To Present ~

"ඔයාගෙ නම මොකක්ද..?"
අවුරුදු පහලවකට කලින් වෙච්ච දේම ආයෙත්...
අතීතෙ අතරමං වෙලා හිටපු කෙල්ලගෙ ඇස් ඉබේටම ඇරුනෙ පිටිපස්සෙං ඇහුන කටහඩ නිසා.
-එයා ආයෙ ඇවිල්ල-
කෙල්ලගෙ හිතට ආපු එකම දේ ඒක. නොදැනුවත්වම ඇස්වල කදුලු පිරෙද්දි මූනෙ ඇදුන බලාපොරොත්තු සහගත හිනාවත් එක්කම කෙල්ල හැරිල බැලුව..


තමන් බලාපොරොත්තු වුන කෙනා වෙනුවට තමන් දිහා වෙන කෙනෙක් බලාගෙන ඉන්නව දකින්න ලැබීම කෙල්ලට ඇතිකරේ ලොකු වේදනාවක්..

කම්මුල්වල නතරවෙලා තිබ්බ කදුලු බින්දු ගලාගෙන ගිහින් යන්තම් හිමෙන් වැහුන බිම උඩට වැටෙන්නගත්තෙ ටේයෝන්ගෙ ඇස්වලටත් පේන්නමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කම්මුල්වල නතරවෙලා තිබ්බ කදුලු බින්දු ගලාගෙන ගිහින් යන්තම් හිමෙන් වැහුන බිම උඩට වැටෙන්නගත්තෙ ටේයෝන්ගෙ ඇස්වලටත් පේන්නමයි. මොහොතක් ටේ දිහා බලං හිටිය කෙල්ල මොකොවත් නොකියම ඈතට දුවන්න ගත්තෙ ලග හිටිය ටේවත් මවිතයට පත් කරමින්.
"ඔ...ඔයා..යනවද..?.... පරිස්සමට යන්න...මන් කිව්වෙ.... මෙ වගේ තැනක ඉතිං...."
ටේයෝන් ගොත ගගහ කියන්න හැදුවෙ මේ වගේ තැනක හොරු ඉන්න පුලුවන් කියල. ඒත් කියල ඉවරකරන්න කලින් ඉස්සර වුන කෙල්ල, ටේ දිහාට නෝන්ඩි හිනාවක් දාල තවත් වේගෙන් ඈතට ඇවිදගෙන ගියා...
කෙල්ල ඈතට ඈතට ගිහින් නොපෙනී යනකම්ම ටේ හිටියෙ හරි සිහියකින් නෙවෙයි.
"ඒ හිනාව" ටේයෝන්ට ඉබේටම වගේ කියවුනා.

කෙල්ල ගියපු පාර දිහා බලං හිටපු ටේ, නිකමට වගේ තමන්ගෙ watch එක දිහා බලනවත් සමගම මූනෙ තිබ්බ හිනාව සම්පුර්ණයෙන් නැතිවෙන්න ගියේ එක නිමේශයයි.

"දෙයියනේ.... හතයි පහලොවයි.. ඔම්මා... හියුන්.." එද්දි මගින් විසික්කරපු හෙඩ්පෝන් එකත් අහුලගෙන ටේයොන් ආයෙත් ගෙදර දිහාට දුවන්න ගත්තෙ හරියට මැරතන් එකක චැම්පියන් වෙන්න වගේ...



"යාහ්... ඇයි හියුන් ඕම බලන්නෙ... මන් ටි..ටිකක් ඇවිදින්න ගියා... එනගමං කැෆේ එ..එකකටත් ගිහින් ආවෙ. ඒකයි ටිකක් පරක්කු...වුනේ..අනික ඉතිං මහ වෙලාවක් ගිහින් නෑනෙ තව..හ්..අ..තයි ත්..තිහයිනෙ...." ගේට් එක ලගට වෙලා ඈත තියාම තමන් එන දිහා බලාගෙන හිටපු ජින් හියුන්ට ටේ හතිඇර ඇරම කියල දැම්මෙ කියන්න පුලුවන් ලේසිම බොරුව..
"ඉතිං දැං මන් මොකොවත් ඇහුවද.........
   යා..තමුසෙගෙ දාඩිය ගොඩ. සැක්..දැං ඉතිං මට ආයෙ නාන්න වෙනවනෙ"
නෝන්ඩියට වගේ කියල සුපුරුදු වීදුරු පිහින හිනාවෙම්ම ටේගෙ කර වටේ අත දාගත්තත්, දාඩියට තෙත් වෙලා තිබුනු ටේගෙ සර්ට් එකට තමන්ගෙ අත තෙත් වෙනව දැනෙද්දි හොදට තිබ්බ ජින්ගෙ මූන තැලිච්ච බිත්තරයක් වගේ වුනා...
"ඇයි හියුන් අහන්නෙ නැද්ද මන් කොහෙද ගියේ කියල."
-යාහ්.. ටේයෝනා... ඉල්ලගෙන කන්න නේද හදන්නෙ-
මෙච්චර ලේසියෙං මාරුවෙලා යන්න හම්බවුන වෙලාවෙ මොඩ ප්‍රශ්නයක් අහපු එක ගැන ටේ තමන්ටම හිතින් දොස් කියාගන්න ගමන් අතින් ඔලුවට ගහගද්දි.. ඒක දැකපු ජින්ට ආයෙත් එයාගෙ  හිනාව නවත්තගන්න බැරිවුනා.
"මෝඩය" ටේයෝන්ගෙ ඔලුවට හිමින් පාරක් ගහපු ජින් හියුන් ආයෙත් කතාකරන්න ගත්තෙ හිනාව නවත්තල ටිකක් බැරෑරුම් විදිහට.

~ ️WINTER  GIFT❄️   || Complete ||Where stories live. Discover now