CHAPTER 8

44 11 16
                                    


"සීත කාලෙත් ආව නේද.. මතකද අපි ඉස්සර කොච්වරනම් ආසද හිමේ සෙල්ලම් කරන්න..." වූගෙ අතේ එල්ලිලා පාරදිගේ ඇවිදං යන සූ..වැටෙන හිම දිහාට අත දික්කරනගමන් අවුරුදු දාසයක අතීතය අවුස්සන්න ගත්තෙ.. ඒ කාලෙ ඒ තරම්ම සුන්දර නිසා...

"ඔව්... මට මතකයි... අප්පගෙන් බැනුම් අහ අහ හිමේ පෙරලි පෙරලි සෙල්ලම් කරපු හැටි...
මං හිංද ඔයාට මේ සිත කාලෙ පටන් ගන්න වුනෙත් කකදුලු වලින් නේද...🥲"
"ඒ සතුටු කදුලු වූ... අවුරුදු එකොලහකට පස්සෙ මට මගෙ වූව හම්බවුනෙත්, ටේයෝන් මට ආදරෙයි කිව්වෙත් එදා..."
"ආ.. එතකොට මේ කෙල්ල ඇස් රතු කරන් ඇඩුවෙ සතුටටද.."
"යාහ්.. වූ... ඔයාට මාව අවුස්සනව ඇරෙන්න වෙන වැඩක් නැද්ද ආ...." දෙන්න අතරම ඇතිවුනේ දගකාර හිනා හඩක්..

කතාවෙන් කතාවෙන් එන්න ඕනෙ තැනට ඇවිල්ල කියන එකත් නොතේරුන තරමටම එයාලා එයාලගේ ලෝකවල තනිවෙලා...

"වූ.. ඔයාට විස්වාසද මම ඇතුලට එන්න ඕනෙ කියලා.."
"ඔව් ඔයා එන්නම ඕනෙ.. මං කිව්වනේ.. එදා ඔයාව තනිකරපු එක ගැන ඔම්මයි හියුනුයි දැන් ගොඩක් පසුතැවෙනවා.. "
සූ වූගේ ගෙදරට යන්න අදිමදි කරපු නිසා වූයොන් කෙල්ලගේ අතින් අල්ලගත්තෙ ඕනම වෙලාවක තමන් එයත් එක්ක ඉන්නවා කියල සංකේතවත් කරමින්...
.

.

.
"සෝහා...." කෙල්ල ගෙට ඇතුළු වෙද්දීම පිළිගත්තේ ජින්ගේ බෙරිහන් දීමෙන්.. කැගහිල්ල නිසා අව ඔම්මත් සෝව දැකල jin වගේම පුදුම වුනා..

"සෝ ඔයා ඇවිල්ල..." වූගේ ඔම්මට දැනුනේ ලොකු සතුටක්.. හරියට තමන්ගෙම දුව ගෙදර ඇවිල්ල වගේ...
ඉතිං ඒ ඔම්මට ඕනෙවුනා ගිහින් දුවව බදාගන්න....එත් ඔම්මගේ හිනාවෙන් පිරිලා තිබ්බ මූණ අදුරු වෙලා, ඉස්සරහට තිබ්බ කකුල අයෙත් පස්සට ගත්තෙ තමන් සෝහට කරපු වැරැද්ද මතක් වෙලා...

"වූඔම්ම.. ඒ දේවල් අමතක කරන්න.. දැන් ඒව වෙලා ඉවරයි.. මං වූඔම්ම එක්ක තරහ නෑ.." සෝටත් ඕනෙවුනේ ඔම්මව වැලදගන්න.. වූගෙ අත අතෑරපු කෙල්ල දෙපාරක් නොහිතම ගිහින් ඔම්මව බබදාගත්ත...
පෙනුමෙන් කොච්චර ලොකු වුනත්, සෝ තාමත් එයාලගේ පුංචි බබාම තමා..

පැත්තක හිටපු ජින් ඔප්පත් සමාව අරගෙන සෝහව වැලදගත්තෙ තමන්ගෙම නංගි කෙනෙක් වගේ..
"මගෙ මල්ලිව පරිස්සමට බලාගන්න සෝ..."
"යාහ් ඔප්පා.. වූ නෙවේද මාව බලාගන්න ඕන.."
"අහ් වැරදුනා... වූයොන්..මගෙ නංගිව පරිස්සමට බලාගන්න.." මුලු ගෙදරම හිනා හඩින් පිරුනෙ, අවුරුදු එකොලහකට කලින් නැතිවෙච්ච ඒ සතුට ආයෙත් මතක් කරනගමන්....

~ ️WINTER  GIFT❄️   || Complete ||Where stories live. Discover now