• • • • • • • • • • •"ඔම්මා..ඔම්ම අඩන්න එපා.. එතෝට සෝට දුක හිතෙනෝනෙ.. නේද වූ.."
"ඒකනෙ.. සූඔම්ම අඩන්න එපා.."
කන්ද උඩ ලොකු මේපල් ගහක් යට තිබුන බංකුවේ, සූ වූ වගේම සූගෙ ඔම්මත් වාඩිවෙලා හිටියෙ දුකින්.. සූඔම්මගෙ රතුවුන ඇස්වලින් එකින් එක වැටෙන කදුලු බින්දු නවත්තන්න සූ වගේම වූ ගත්ත්ත් නිශ්පල උත්සාහයක්.."ඔම්ම අඩන්නෙ අප්ප හින්දද..? අප්ප ආයෙ එන්නෙ නැද්ද ඔම්ම.. අප්ප ඊයෙත් ගෙදර ආවෙ නෑ.." පුංචි සෝ ඇහුව්ව් ඔම්මගෙ අතින් අදිනගමන්...
- අප්ප ආයෙ එන්නෙ නෑ සෝ.. දවස් දෙකකට කලින් එයා අපිව දාල ගියා.. එයා ආයෙ එන්නෙ නෑ.. එයාට ආයෙ එන්න බෑ සෝ... -
ඔම්මට කියන්න ඕනවුනත් කොහොමද සූටි කෙල්ල මේව දරාගන්නෙ..?
පුංචි කාලෙ ඉදලම සෝගෙ හැම දේකටම ඔම්මටත් වඩා ලගින් හිටියෙ අප්ප.. එයා නැතුව කෙල්ලට මොහොතක්වත් ඉන්න බෑ..
ඔම්ම සූව බදාගත්තෙ,දෙන්න උත්තරයක් නැතුව..."සූඔම්ම මාව බදාගන්නෙ නැද්ද..? ඇයි සූව විතරක්..?"
"එන්න එන්න මගෙ වූ බබත්.." චූටි වූයොන් තොලත් අනිප්පැත්ත පෙරලගෙන කියද්දි සූගෙ ඔම්ම වූවත් තුරුල් කරගත්තෙ තමන්ගෙම දරුවෙක් වගේ..."සූඔම්මා... මං බස්ඩක් අහන්නද..?"
"ම්ම්.. මොකක්ද වූ බබාට අහන්න තියෙන්නේ.."
"මගෙ අප්පයි සූගෙ අප්පයි දැන් කොහෙද ඉන්නෙ..?" වූගෙ ප්රශ්නෙ නිසා ඔම්ම ආයෙත් මොහොතකට ගොලුවුනා...
.
"ඔයාලට පේනවද අර ඈත තියෙන තරු දෙක.. අප්පල එතන තමයි ඉන්නෙ.. හැමවෙලේම ඔයාල දිහා බලාගෙන ඉන්නෙ ඒ නිසා දග වැඩ ඒම කලන්න එපා..හාද.." වැටට උඩින් පේන තරු දෙකක් දිහාට අත දික්කරගෙන ඔම්ම කිව්වෙ, තමනෙ කදුලු හංගගන්න උපරිම උත්සාහ කරනගමන්...
.
.
.
.
.
"කෝ මෙහෙ බලන්න දෙන්නම.. මං දැං කියන එක හොදට මතක තියාගන්න ඕනෙ.. හරිද...?"
"දේ.." වූ සූ දෙන්නම උත්තර දුන්නෙ එකට."යුන්හෝ අංකල්.. එයා හොද කෙනෙක් නෙවයි.. හොද මූන පෙන්නං ඉදල, හැමදේම විනාස කරේ එයා... ඉතින්..මගෙ පැටවු දෙන්නඑයාගෙන් පරිස්සම් වෙන ඕනෙ.."
"ඔම්මා... යුන්හෝ අංතල්ද එතකොට අප්පට...__" සෝගෙ ඇස්වලට හරි ඉක්මනට කදුලු ඉනුව..
"ෂ්ෂ්.. අඩන්න ඔට්ටු නෑ ඕං..
මං ඉක්මනටම ශාක්ශි හොයාගෙන යුන්හෝට අමතක නොවෙන්න පාඩමක් උගන්නනව... පොලීසියට සල්ලි දීල මේක යට ගැහුවට මං මේක ලේසියෙං අතාරින්නෙ නෑ..." ඔම්මගෙ කටහඩේ තිබ්බෙ තරහක් වගේම කලකිරීමක්..
බංකුවෙන් නැගිට්ට ඔම්ම වැට ලගට යන්න හැදුවත්, ඊට ඉස්සෙල්ල විසික්වෙලා ගිහින් බිම වැටුනෙ වේගෙන් ආපු කාර් එකක හැප්පිලා..
YOU ARE READING
~ ️WINTER GIFT❄️ || Complete ||
Fanfiction-එතකොට මේකද අපේ කතාවෙ අවසානය..? නෑ, මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ... මට බෑ මේ අවසානය පිලිගන්න.. මම උපරිම උත්සාහ කරනව සෝහ, ආයෙත් ඔයා ලගට එන්න... ඒත් මට හරි මහන්සියි...- යුන්හෝගෙයි ඔම්මගෙයි කෝපාන්විත සංවාදය අස්සෙන් ලාවට ඇහෙන සෝහගෙ කටහඩ මැද්දෙ...