~ Next Day Eveningටේයෝන් හිටියෙ කන්දට යන පාර ලග.. මූනෙ පුරවගත්තු ලස්සන හිනාවකුත් එක්ක ටේයෝන් පාර දිහා බලාගෙන හිටියෙ ගොඩක් සතුටින්.. නොදැනුවත්වහරි ඊයෙ සෝහ ලගට හිය එක ගැන ටේයෝන් හිටියෙ සතුටින්..එයා එක්ක කතා කාපු එක ගැන ටේයෝන් හිටියෙ සතුටින්..
ඒ සතුටත් එක්ක ටේයෝන් ඉස්සරහට ඇවිදගෙන ගියා...
•
අඩියෙන් අඩිය ඉස්සරහට ගිය ටේයෝන්, වෙනද වගේම එක තැනකින් නතරවුනේ ෆෙන්ස් එක ලගට වෙලා ඉන්න සොහව දැකල. ටේයෝන් දෙපාරක් නොහිතම වැටලගට ගිහින් හිටගත්තෙ කෙල්ලටඑහා පැත්තෙන්..
ටේගෙ ඇස් නැවතුනෙත් සෝහ බලාගෙන හිටපු අහස පැත්තෙ තිබ්බ පුංච් තරු තුනක් දිහාට..."ඔයා ආවද... ටේයෝන්" සෝහගෙ වචනවල තිබ්බෙ ටේයෝන් ව බලාපොරොත්තුවෙන් හිටිය ස්වබාවයක්. ටේ පුදුමෙන් හැරිල බැලුවත් කෙල්ල කිසිම ගානක් නැතුව අහස දිහා බලාගෙන ඉන්නව...
"වේ.. ඇයි ඔහොම බලන්නෙ.. ඉස්සෙල්ල මට කියනව, තමුසෙ කොච්චර කාලෙක ඉදං මාව ෆලෝ කරනවද..?"
"මො..? හහ් කවුද කිව්වෙ මම ඔයාව ෆලෝ කරා කියල"
කෝට් එකේ සාක්කු දෙකට අත් දෙක ඔබාගත්ත ටේයෝන් කිව්වෙ, සෝහගෙන් ඇස් අහකට අරං ටක්ගාල වෙන දිහාක් බලනගමන්..."අයිශ්.."
සෝහ ඇහෙන නෑහෙන ගානා කිව්වෙ අහක බලං ඉන්න ටේ දිහාට ඔරවල."එතෝට තමුන් කවද ඉදලද මෙහෙ එන්න ගත්තෙ"
ඒ ප්‍රශ්නෙ ලගදි මොහොතකට ටේයෝන් ගොලුවුනා
"ඇයි සද්ද නැත්තෙ.. කියනවා.."
" එ..එදා ඔයා පනින්න හදපු දවසෙ ඉදං.... මම මේ පරිසරයට හරි ආසයි. ඉංග්ලන්ඩ් වලට වඩා මෙහෙ හරි ලස්සනයි... ඒකයි මං දිගටම මෙහෙ ආවෙ... මම ඔ__"
ටේයෝන් කියාගෙන ගිය එක නතර කලේ කෙල්ල ඇස් දෙක ලොකු කරං තමන් දිහා බලං ඉන්නව දැකල.
YOU ARE READING
~ ️WINTER GIFT❄️ || Complete ||
Fanfiction-එතකොට මේකද අපේ කතාවෙ අවසානය..? නෑ, මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ... මට බෑ මේ අවසානය පිලිගන්න.. මම උපරිම උත්සාහ කරනව සෝහ, ආයෙත් ඔයා ලගට එන්න... ඒත් මට හරි මහන්සියි...- යුන්හෝගෙයි ඔම්මගෙයි කෝපාන්විත සංවාදය අස්සෙන් ලාවට ඇහෙන සෝහගෙ කටහඩ මැද්දෙ...